Breaking News
Home / Gossip / මහින්දගෙන් ආන්ඩුවට අනතුරු ඇගවිමක්

මහින්දගෙන් ආන්ඩුවට අනතුරු ඇගවිමක්

ඉන්දියාව සමග අත්සන් කිරීමට යෝජිත ආර්ථික සහයෝගීතා ගිවිසුම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට පෙර පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ එහි අන්තර්ගතය පිළිබඳ නිල වශයෙන් මෙතෙක් දැනුවත් කර නොමැති බවයි.

ආණ්ඩුව මේ සම්බන්ධයෙන් දක්වා ඇති අධිපතිවාදී ආකල්පය හේතුවෙන් අසල්වාසී රට සමග ඇති වෙළෙඳ සබඳතාව යහපත් අතට හරවා ගැනීමට ඇති අවස්ථා නැති වී යාමට ඉඩ ඇති බවද එහි සඳහන්. 

ආණ්ඩුව පළමුව කළ යුත්තේ ඉන්දියාව සමග දැනට කි‍්‍රයාත්මක නිදහස් වෙළෙඳ ගිවිසුමේ ප‍්‍රශ්නය නිරාකරණය කරගැනීම බවයි.

එසේ නොකර ඉන්දියාව සමග ඇති සබඳතා තවදුරටත් පුළුල් කිරීමට උත්සහ දැරීම පිළිබඳ ජනතාව අතරින් විරෝධයක් පැනනැගීම වැළැක්විය නොහැකි බවයි මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close