Breaking News
Home / Gossip / මරා පාද(ඩ) යාත්‍රාවේදී ගැටුමක් මවා බිල්ලක් ඉල්ලයි..!

මරා පාද(ඩ) යාත්‍රාවේදී ගැටුමක් මවා බිල්ලක් ඉල්ලයි..!

අපරාධ සහ දූෂණ චෝදනා රැසකට අධිකරණය හමුවේ මුහුණ දී සිටින රාජපක්ෂ හොරු කල්ලිය තම අපරාධ වසා ගැනීම සඳහා හෙට ආරම්භ කිරීමට සූදානම් කර ඇති මහනුවර සිට කොළඹ බලා එන පාද(ඩ) යාත්‍රාවේදී ගැටුම් කාරී තත්ත්වයක් හදා ගනිමින් එහිදී ‘මිනිස් බිල්ලක්‘ දී එහි චෝදනාව ආණ්ඩුව පිට පටවා රට පුරා මිනිය විකිණීමේ සාහසික කුමන්ත්‍රණයක් ගැන වාර්තා වේ.

මිනීමරු ලේ වැකි ඉතිහාසයකට හිමිකම් කියන මැදමූලනේ මෘග රාජපක්ෂ විසින් අද සවස මහනුවර රත්වත්තේගේ නිවසේ දී පවත්වන ලද රහසිගත සාකච්ඡාවකදී මේ බව කටින් පැන්නේය.

ආණ්ඩුව විසින් පාද(ඩ) යාත්‍රාවට ඇති කරනු ඇතැයි සැක කෙරෙන බාධා සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී මෘග රාජපක්ෂ විසින් පැවසුවේ එය ඉතාම හොඳ තත්ත්වයක් බවයි. “එකෙක් දෙන්නෙක් මැරෙන තරමට අපිට හොඳයි. එතන ඉඳන් අපි පාද යාත්‍රා යන්නේ කොළඹට නොවෙයි. මිනිය කර ගහගෙන රට පුරාම යනවා“ යයි මෘග රාජපක්ෂ පවසා ඇත. 

රාජපක්ෂලාගේ වනචර දශකයේදී අසරණ මිනිසුන් පැහැර ගැනීමට, පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට, ඝාතනය කළ සිරුරු කිසිවෙකුට සොයා ගත නොහැකි අන්දමින් බඩ සහ හිස පලා මුහුදේ ගිල්වා දැමීමට, පමණක් නොව රට පුරා ග්‍රීස් යකුන් මවා පෑමට පවා සම්බන්ධ වූ මිනීමරු අතුරු හමුදා යාන්ත්‍රණය නව ආණ්ඩුව පැමිණීමෙන් පසු සක්‍රිය නොවුනද, යට ගොස් නමුත් තවමත් නිරුපද්‍රිතව තිබෙන බව ප්‍රසිද්ධ රහසකි. රාජපක්ෂලාගේ එක් නියෝගයකින් එම අතුරු හමුදා යලිත් ක්‍රියාත්මක කරවීම රාජපක්ෂලාට සිම්පල් වැඩකි. එම පිරිස් ලවා පාද(ඩ) යාත්‍රාවට ප්‍රහාරයක් එල්ලකර ගෙන එකෙක් දෙන්නෙක් මරා ගැනීම ද රාජපක්ෂලාට තවත් සිම්පල් වැඩකි. 

අප මෙම අනතුරු ඇඟවීම කරන්නේ “එකෙක් දෙන්නෙක් මැරෙන තරමට අපිට හොඳයි. එතන ඉඳන් අපි පාද යාත්‍රා යන්නේ කොළඹට නොවෙයි. මිනිය කර ගහගෙන රට පුරාම යනවා“ යැයි මෘග මරා අද සවස කරන ලද ප්‍රකාශයත් ඉන් අනතුරුව ඔහු අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් මහනුවර නගර සීමාවට අයත් වන ගැටඹේ රාජෝපවනාරාමයෙන් පාද(ඩ) යාත්‍රාව ආරම්භ කරන බවට කරන ලද ප්‍රකාශයත් නිසාය. 

මහනුවර නගරයෙන් හෙට ආරම්භ කිරීමට නියමිතව තිබූ රාජපක්ෂ හොරුන්ගේ පාද(ඩ) යාත්‍රාවට සහ එදිනම එජාපය මහනුවර පවත්වන්නට යොදාගෙන තිබූ සාමාජික ප්‍රවර්ධන වැඩ සටහනට යන දෙකටම අධිකරණය අද වාරණ නියෝග පැනවීය. මහනුවර මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා හෙට පෙරවරුවේ මහනුවර නගරයේ පාගමන් තහනම් කරන ලදී. එජාප වැඩ සටහනද ආරම්භ කළ යුත්තේ සවස දෙකෙන් පසුවය. එක් වාරණ නියෝගයක් ලොහාන් රත්වත්තේ, දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ සහ කෙහෙළිය රඹුක්වැල්ල යන පාද(ඩ) යාත්‍රා සංවිධායකන්ට ද , එජාපයට දුන් වාරණ නියෝගය ලක්ෂ්මන් කිරිඇල්ල සහ කබීර් හෂීම් දෙදෙනාටද බාර දෙන්නැයිද මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය..

මෙකී අධිකරණ නියෝග ගැටුම්කාරී තත්ත්වයක් නැති කිරීම සඳහා පනවන ලද්දක් වන නමුත් මෘග රාජපක්ෂ අද සවස කියා සිටියේ ඔවුන්ගේ පාගමන ගැටඹේ රාජෝපවනාරාමයෙන් ආරම්භ කරන බවයි. එය මහනුවර නගර සීමාවට අයත් වේ. මෙය සිතා මතාම අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමක් වනු ඇත.

මේ අතර මාවනැල්ල මහේස්ත්‍රාත් වරයාද දෙපාර්ශවයටම වාරණ නියෝග නිකුත් කළේය. මහින්ද රාජපක්ෂ ඇතුළු දස දෙනකුට තහනම් නියෝගයක් නිකුත් කරමින් කියා සිටියේ පාද(ඩ) යාත්‍රාව මාවනැල්ල නගරයේ ප්‍රධාන මාර්ගයෙන් තොරව අතුරු මාර්ග භාවිතා කරමින් ගමන් කළ යුතු බවයි. එජාපයද මාවනැල්ලේ සංවිධානය කර තිබූ පක්ෂ ප්‍රවර්ධන රැස්වීම් ද මාවනැල්ල නගර සීමාව තුළ තහනම් කරමින් එම පක්ෂයේ නව දෙනකුට ද තහනම් නියෝග නිකුත් කෙරිණ. 

මහනුවර සහ මාවනැල්ල තහනම් නියෝග ඉල්ලා සිටියේ පොලිසියෙන් වන අතර ජනපති හා අගමැති සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමට එදිනම මාවනැල්ලට ඒමට නියමිත බව ද පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.

හොරු කණ්ඩායමක් තමන්ට එල්ල වී ඇති අපරාධ චෝදනා වලින් බේරීම සඳහා මහජනතාව පලිහක් කර ගැනීමට යන බවත් මෙය හරියට ප්‍රභාකරන් මරණයෙන් බේරීම සඳහා අහිංසක ජනතාව නන්දිකඩාල් දක්වා මිනිස් පලිහක් ලෙස රැගෙන ගිය ආකාරය වැනි යැයි ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසීය. 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close