Breaking News
Home / Gossip / මර්වින් නැවත හඩ අවදි කරයි.තවත් අපරාධ රැසක් එලියට

මර්වින් නැවත හඩ අවදි කරයි.තවත් අපරාධ රැසක් එලියට

ඒකාබද්ධ විපක්ෂ සංවිධානයක් පිහිටු වීමේ අරමුණ මොකක්ද?

මේ රටේ හිටපු ඇමැතිවරයෙක් හැටියට රටට අවැඩක් වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටීමට මට වගකීමක් යුතුකමක් තියෙනවා .ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින්නටයි සංවිධානය පිහිටුවීමේ මූලික අරමුණ. මම මේ සංවිධානයේ කැඳවුම් කරු. මෙහි මම ක්‍රියා කරන්නේ වින්නඹුවක් විදිහටයි. බොරුවට ඒකාබද්ධ විපක්ෂය කියලා සංවිධානයක් පිහිටුවා ගෙන පංපෝරි ගහන්න බලාපොරොත්තුවක් නැහැ.’ ලොවට බරක් නැති රටට බර නැති හරිත සපිරි කේතුමතී නුවරයි ශ්‍රී ලංකාව කියලා මම යෝජනාවලියක් ජනාධිපතිට සහ අගමැතිට ඉදිරිපත්කිරීමටත් බලා­‍ෙපාරොත්තු වෙනවා. මේ රටට අහිතකර දේ කරපු, දූෂිතයන්ට හා මිනී මරුවන්ට දඩුවම් දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. ආණ්ඩුවට ඒඅයට විරුද්ධව ක්‍රියා කරන්න කොන්දක් තියෙන්න ඕන. කොන්දක් නැතිනම් මට භාර දෙන්න මම ඒක කරන්නම්‍. ඊට අමතරව මේ රටේ ලිසිං ගෙවා ගන්න බැරිව ඉන්න විශාල පිරිසට පිහිට වීමත් අපේ එක් අරමුණක්. ඉදිරියේ දී අපි ග්‍රාමීය මට්ටමෙන් අපේ සංවිධානය ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒකාබද්ධ විපක්ෂය නමින් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් තව සංවිධානයක් තියෙනවා නේද?

ඒ අයගේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රාර්ථනාව මහින්ද රාජපක්ෂ මහත්තයාව ඉදිරියට ගෙන ඒමයි. මගේ සංවිධානයේ එහෙම එකක් නැහැ. දක්ෂතාවය තියෙනවා නම් ඕනෑම කෙනෙකුට ඉදිරියට ඒමට මගේ සංවිධානයේ නිදහස තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජන්දය ඉල්ලපු උදවියට බැහැ ඒකාබද්ධ විපක්ෂ සංවිධාන පිහිටුවන්න. සැබෑ ඒකාබද්ධ විපක්ෂ සංවිධානය පිහාටුවා ඇත්තේ මමයි.

මහින්ද රාජපක්ෂට තවත් අවුරුදු දෙකක් ධුරකාලයක් තියාගෙන ජන්දයට ගියේ ආණ්ඩු පක්ෂයේ කවුරුත් ජේෂ්ඨයෝ කියලා නෙමෙයි. මල්ලිලා දෙන්නයි කොහේවත් ඉන්න හාල්පාරුවෝ කියපු දේවල් අහගෙන ජන්දයට ගියේ.ජන්දයට ගිහින් පැරදුණාට පස්සේ පක්ෂයේ සභාපතිදූරයත් මෛත්‍රීපාල ජනාධිපතිවරයාට දීලා දැන් මේ මොකක්ද නටන නාඩගම. බුලත් කොළයෙන් ජන්දය ඉල්ලපු අයට ඒකාබද්ධ විපක්ෂ හදන්න බැහැ.ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සමහර මන්ත්‍රීවරු ජයග්‍රහණය කරලා ලැජ්ජාවක් නැතුව මේ ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතුවෙලා ඉන්නවා.ඒ අයට කොන්දක් තිබුණනම අපි සන්ධානයෙන් ජන්දය ඉල්ලන්නේ නැහැ. අපි වෙනම තරගකරනවා කියලා කියන්න තිබුණා නේද? ඒකයි වීරත්වය‍. මේ අය දෙබිඩි පිළීවෙතක් අනුගමනය කරන්නේ.

ඔබ මේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ‘උණ්ඩුක පුච්චය පක්ෂය’ ඒසේ නොමැතිනම් ‘යු.පි’. පක්ෂය ලෙසින් හදුන්වා තිබුණා එලෙස හැදින්වීමට හේතුව සඳහන් කළොත්?

උණ්ඩුක පුච්ඡය කියන්නේ කියන්නේ ශරීරයට අනවශ්‍ය කොටසක්. අප ද්‍රව්‍ය පිරුණම ඉවත් කරන්න පුළුවන්. කුකුළන්ගේ වැලි බොක්ක කියන්නේ ඒ කොටසටමයි. වැලි පිරිණම ඒක ඉවත් කරන්න පුළුවන්. ඒ පක්ෂයත් ඒවගේ තමයි. මගේ ඒකාබද්ධ විපක්ෂ සංවිධානය පිළිබඳව උණ්ඩුක පුච්චය පක්ෂයේ සමහරු කියනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාලු ‍මේකේ නිෂ්පාදක අධ්‍යක්ෂවරයා මමයි ඒකේ රඟපාන්නේ කියල‍ා. මම කාගේවත් පදයට නටන්නේ නැහැ.

තවත් මහින්ද මහත්තයාගේ පිළේ කෙනෙක් කියලා තිබුණා මේ දවස්වල රස්තියාදුකාර ඔලුබක්කෙක් නටනවා කැලණීය පැත්තේ කියලා. ඒ මහත්තයාට මම කියනවා ඒ මහත්තයා අපේ ගම්පළාතේ නිසා ගමට ගිහින් බෙරය අරගෙන එන්න කියලා ගෙදර බෙරය අතුරු දහන් කරලා නම් අල්ලපු ගෙදර බෙරය අරගෙන එන්න කියලා. මම ඔලුබක්කට නටන්න ඕන නම් එතුමට බෙරය ගහන්න කියන්න. මගේ සීයා හොඳ ව්‍යාපාරිකයෙක්. අපි වැදගත් ව්‍යාපාරික පවුලකින් පැවතෙන්නේ. සයිමන් සිල්වා සීයා. මගේ තාත්තා විලියම් සිල්වා මම මර්වින් සිල්වා මගේ ‘සිල්වා’ මට හොදයි. මම නම වෙනස් කරන්න ගියේ නැහැ.මර්වින් අප්පුහාමි කියලා ඕන නම් දාගන්න තිබුණා. ඒත් මට එහෙම ඕන වුනේ නැහැ. මට නම් ලැජ්්ජයි මහත්තයෝ කියලයි මම ඒ මහත්තයට කියන්නේ.

මේ උණ්ඩුක පුච්ච පක්ෂයේ උදවියගේ මොළයට ‍‍වයිරස් එකක් ගිහිල්ලා‍.ඒක හොඳකරන්න ඒ තරම් අමාරු නැහැ. මට පුළුවන් සනීප කරන්න. මම හැමදාම ඇත්ත කතා කරනවා. අපි පරම්පරාගත ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෝ.

ආණ්ඩුවෙන් ඇමැතිධුරයක් ලබා ගැනීමේ අරමුණීන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පිරිසට මඩ ගැසිමේ අරමුණීන් ඔබ මේ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය පිහිටුවා ගත් බව ඇතැමුන් ප්‍රකාශ කරනවා.

මම කවුරු වෙනුවෙන්වත් කඩේ යන්නේ නැහැ. මේ ර‍ට් ජනතාවට මෙහෙවරක් කිරීමටයි මට අවශ්‍ය මම ඇමැතිධූර ඕන තරම් දරලා තියනවා. මට මේ දේවල් වලට තන්හාවක් නැහැ. මහින්ද මහත්තයා ඇතුලු ඔය උදවිය බණ දහම් දන්නේ නැහැ. රාගය ද්වේශය මෝහය ඉවත් කරලා ආශාව තන්හාව ඉවත්කරලා උපේෂාවෙන් ජීවත් වෙන්න කියලා එතුමා‍ ඇතුලු උදවියගෙන් ඉල්ලනවා. සිගාලෝවාද සූත්‍රය කියවන්න කියලත් මම ඉල්ලනවා. අනුන් ගේන අට පිරිකර පුජා කරන්නේ නැතුව අනුන්ගේ මල්වට්ටි පුජා කරන්නේ නැතුව තමන්ගේ අතින් මලක් කඩලා තමන්ගේ සාක්කුවෙන් පිරිකරක් අරගෙන පූජා කරන්න කියලා මම ඒ අයට කියනවා. ඒනිසා මට කාටවත් මඩ ගහන්නවත් ඇමැති ධූර ගන්නවත් අවශ්‍ය නැහැ. මම ධාර්මිකව ජීවත්වෙන කෙනෙක්. ඒවගේම කාටවත් කඩේ යන්න අවශ්‍ය නැහැ.මම හොදට කොන්ද කෙලින් තියාගෙන වැඩකරපු කෙනෙක්. ඒ දවස්වල මම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කොන්ත්‍රාත් භාර ගත්ත මිසක මම කාගෙවත් කොන්ත්‍රාත් දැන් භාර ගන්නේ නැහැ. මහින්ද මහත්තයා එදා නිෂ්පාදකයා අධ්‍යක්ෂක වරයා. මම අද මම ම අධ්‍යක්ෂණය,නිෂ්පාදනය කරලා මම ම රඟපානවා.

කාගෙවත් කොන්ත්‍රාත් භාර ගන්නේ නැහැ කිව්වත් ඔබ මහින්ද මහත්තයාගේ කොන්ත්‍රාත් භාරගත් බව සඳහන් කළා ඒ විශ්වාසය සහ සමීපව ඇසුරක් තිබුණ ඔබ ඇයි අද එතුමා විවේචනය කරන්නේ?

ගිරුවාගම් දොළොස් දහ‍ෙස් මාගම්පත්තුවේ බෙලිඅත්තේ මිනිස්සු අපි ඒ දවස්වල එයාට වෙන කවුරුත් හිටියේ නැහැ. මහින්ද මහත්තයා කොළඹ ආවේ මාත් එක්ක. අපේ පියා එතුමන්ලාගේ පියාට වගේම ඩි.ඒ රාජපක්ෂ මහත්තයාට දේශපාලනමය වශයෙන් උදව් කළා. අපි ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයෝ.මහින්ද මහත්තයාගේ මෑණියෝ ආගන්තුක සත්කාර හොදින් දන්නවා. අපි ඒ උදවියගේ ගෙදර ගිහින් සප්පායම් වෙනවා. ඒ අයත් අපේ ගෙදරින් කාලා බීලා යනවා. ඒ වගේ ඇසුරක් අපේ අතර තිබුණා‍. 70 මැතිවරණයේ දී මමයි ‘මෑන් ඔෆ් ද මැච්’ ඒ අයගේ හැටි මම හොඳට දන්නවා.මම ලිහලා බලපු මල්ල ආයේ ඔබලා බලන්න යන්නේ නැහැ. මේ අයගේ හොර මැරකම් මම හොඳට දන්නවා. ඩි.ඒ රාජපක්ෂ මහත්තයලා දේශපාලනය කලේ ගෙවල් උගස් කරලා කොහොමද මේ තරම් ධනස්කන්ධයක් මේ පවුලේ උදවිය හොයා ගත්තේ කොහොමද. ආරියරත්න ගලප්පත්තී මහත්තයයි විදුහල්පතිවරයෙකුයි මමයි එකතු වෙලයි මහින්ද රාජපක්ෂ මහත්තයාට කාර් එකක් අරගෙන දුන්නේ මුලින්ම කොළඹ එන්න. එහෙම උදවියට කොහොමද ඇමරිකාවේ ගෙවල් ගන්න පුළුවන් වුණේ. සුපිරි වාහන ගන්න පුළුවන් වුණේ රජයට කොන්දක් තියෙන්න ඕන මේවා හොයන්න.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කැබිනට් ඇමැතිවරයෙක් ලෙස කටයුතු කළ ඔබ මේ දුෂණ වංචා දැනගෙනත් නිහඩව හි‍ටියේ ඇයි.?

අපි නිහඬව හිටියේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ ව‍ගේම නිමල් සිරිපාල මහත්තයා දොස්තර රාජිත සේනාරත්න මහත්තයා වගේම ජනක බණ්ඩාර මහත්තයා මේ ගැන කතා කළා. ඒත් වැඩක් නැහැ මහින්ද මහත්තයාගේ ඒකාධිපති පාලනයට විරැද්ධව කතා කරපු බොහෝ දෙනෙක් සුදු වෑන්වලින් ගියා. මාදුළුවාවේ සෝභිත ස්වාමින්වහන්සේවත් අරලිය ගහ මැදුරට වැඩම කරගෙන මමත් ගියා. වැඩක් වු‍ෙණ් නැහැ. හාමුදුරුවන්ට මහින්ද මහත්තයාගේ ගෙදර හිටිය එක එක රටවල්වලින් ගෙනාව බල්ලෝ පෙන්න පෙන්න ඉදලා අවශ්‍ය දේ කතා නොකර හැමුදුරුවන්ව පිටත් කළා ‘මොනවා කරන්න ද හාමුදුරුවනේ’ කියලා මමත් ආවා. මේ දේවල්වලට මාත් එක්ක වෛරවෙලා මගේ පුතාව ක්ලබ් එකේදී සුද්දෙක් දාලා රණ්ඩුවකට පැටළෙව්වා. ඊට පස්සේ ගෙදර ගිය සුද්දා ගෙන්නලා කොල්ලුපිටියේ පොලිසියේ පැමිණිලි දැම්මා. වම්බොට්ටාගේ ඝාතන සැකකරුවන් දාලා මාවත් මරන්න හැදුව කියලා තොරතුරු දන්න කෙනෙක් මට කිව්වා. මේ දේවල් ‍කලේ මාත් එක්ක තියෙන ඊරිසියාවට කැලණියේ මම ඉහළින් හිටිය නිසා.

ඔබ සහ ඔබේ පුතා ඝාතනය කරන්න සැලසුම් කළා කියලා ඍජුවම චෝදනා කරන්නේ රාජපක්ෂවරැන්ටද?

ගෝඨාභය රාජපක්ෂ සුද්දෙක් දම්මලා මේ දේ කලා කියලා මට දැන ගන්න ලැබුණා ‘ඉහළින් ආව ඔඩර් එකක්’ කියලා මේදේවල් යට ගහන්න හැදුවා. දැඩි සත්කාර ඒකකයේ හිටිය මගේ පුතා අත්අඩංගුට ගත්තා ඒ මා‍ව අඩපණ කරන්නයි. පොලිස් රිපොට් වල ඇත්ත සටහන්වෙලා තියෙනවා. වෙළද ආයතනයක ගැටුමක් ඇති කරලා එදත් මගේ දරුවා මරන්න හැදුවා.

ඔබේ බලාපොරොත්තුවක් තියෙනවා ද? ඉදිරි මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂ සංවිධානයෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙන්න?

පසු ගිය මැතිවරණයේ දී ජන්දය ඉල්ලන්න මට ඉඩ දුන්නේ නැහැ. මම අද ගෙදර ඉන්නේ පැරදිලා නෙමෙයි මට ඡන්දය ඉල්ලන්න ඉඩ දුන්න නම් මගේ තරම මම පෙන්නනවා. කොටන කුකුළට කොයි කොටුවත් එකයි. ජන්දයෙන් දිනලා ජනතාවට සේවය කරලයි මට පුරුද්ද තියෙන්නෙ. ජනතාවට සේවය කරන්න ඇමැතිකම් ඕනම නැහැ. මට වැඩ කරන්න පුළුවන් අමාත්‍යංශයක් නොදුන්නත් මම වැඩකරලා පෙන්නුවා.වෙහෙර විහාර පිළිසකර කළා. හුනු පිරියම් කලා. නිවාඩු නිකේතන පාරවල් හැදුවා. මේ අය මට ඊරිසියාවයි. ඒ රජයේ අපි හිටියේ මකුණො කන පුටුවක ඉදලා පිච්චර් එකක් බලන උදවිය වගේ. පිච්චර් එක හොද වූණාට පුටුවේ මකුණෝ. මම කෙක්කෙන් බැරි වුනොත් කොක්කෙන් එහෙම බැරි වුනොත් ගහට ගොඩවෙලා හරි ගෙඩියකඩන කෙනෙක් . ඒ මගේ හැටි.

බරපතළ මූල්‍ය වංචා විමර්ශණ ඒකකයට ඔබ කැදෙව්වා නේද?

ඔව් ඒකට ගියාතමයි.ඒකට ගියා කියලා මගේ කොහේවත් හිරි වැටු‍ෙණ නැහැ. ගිහින් කට උත්තර දිලා ආවා මං ඇතුලු තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකුට යන්න වුනේ රාජපක්ෂලා නිසා. අපේ කටවල් වැඩි කියලා රාජපක්ෂලයි ඒකත් සැලසුම් කලේ. කටවල් වහන්නයි එහෙම කළේ. ඒ අය කට උත්තර අරන් අපිව එව්වා.ආයේ එන්න කිව්වොත් ආයේ යනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close