Breaking News
Home / Gossip / මටත් ඕන අපි ඉගෙන ගත්ත දේ නවකයින්ට දීලා මෙතනින් යන්න.

මටත් ඕන අපි ඉගෙන ගත්ත දේ නවකයින්ට දීලා මෙතනින් යන්න.

මෙවර ආසියානු කුසලානයේ සහ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ ලසිත් මාලිංගයි.

අදහස් දක්වමින් ඔහු පැවසුවේ ලාබාල කී‍්‍රඩකයින් රැසක් කණ්ඩායමේ සිටීම කණ්ඩායමේ ජවය වැඩිවීමට හේතුවක් බවයි.

නවක කී‍්‍රඩකයන් කණ්ඩායමට පැමිණීම අභියෝගයක් නොවන්නේ දැයි  ලසිත් මාලිංගගෙන් ප‍්‍රශ්න කළා.

එහිදී ඔහු පැවසුවේ මෙවන් අදහසක්.

‘‘ දැන් ලාබාල කී‍්‍රඩකයින් ගොඩාක් ඉන්නවා. ලාබාල කී‍්‍රඩකයින් ගොඩක් ඉන්නකොට ජවය ගොඩක් වැඩියි. පන්දුවාර විස්ස තරගයක් කියන්නේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයාද නවකයාද කියන එක නෙමේ. මම හිතන්නේ ජ්‍යෙෂ්ඨයා කියන්නේ තරගයක් දිනවන්න පුළුවන් කී‍්‍රඩකයෙක්. තරග සියයක් දෙසියයක් ගැහුවට තරගයක් දිනවන්න බැරිනම්, හිතේ හයියක් තියෙනවා නම් මෙයා තරගය දිනවයි කියලා එක තමා ජ්‍යෙෂ්ඨත්වය.  තරග ප‍්‍රමාණය ජ්‍යෙෂ්ඨත්වයට මම සලකන්නේ නැහැ. සමහරවිට ජ්‍යෙෂ්ඨවයට වඩා නවක කී‍්‍රඩකයෙක් තරග දිනවන්න පුළුවන්.

 

‘‘මම කැමතියි නවක කී‍්‍රඩකයින් මටත් අභියෝගයක් වෙනවානම්. මමත් මේ තැනට ආවේ ඉස්සර හිටපු ජ්‍යෙෂ්ට කී‍්‍රඩකයින් සමග කරට කර ගැටෙමින්. මම දැන් අවුරුදු 10ක් කී‍්‍රඩා කරලා තියෙන්නේ. මම කැමතියි මට ෆයිට් එකක් දීලා  මාව එලියට දානව නම්. රටේ ජනතාව බලාපොරොත්තුවෙන්නේත් , කි‍්‍රකට් ආයතනය බලාපොරොත්තු වෙන්නෙත් ඒකයි. අපිටත්  ඕන එ්කයි. මටත්  ඕන අපි ඉගෙන ගත්ත දේ නවකයින්ට දීලා මෙතනින් යන්න.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close