Breaking News
Home / Gossip / මං ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ මං වෙනුවෙන්- ලසිත් මාලිංග

මං ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ මං වෙනුවෙන්- ලසිත් මාලිංග

තමන්ට රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හැකියාවක් නොමැති බවත් හැමවිටම පෞද්ගලිකත්වය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරිමට උත්සාහ කළ බවත්, එය අවසානයේදී රට වෙනුවෙන් ජයග්‍රහණයට බලපෑ බවත් ශ්‍රී ලංකා හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංග ඊයේ පැවසුවා.
විස්සයි20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට පෙර
ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (08දා) පැවැති සුබ පැතීමේ උත්සවය අතරතුරදී මාලිංග මේ බව කියා සිටියා.

එහිදී මාලිංග පවසා සිටියේ ඔහු අවුරුදු 12 ක් රට වෙනුවෙන් හිතට එකඟව ක්‍රීඩා කළ බවත්, ලෝක කුසලානයේදී කණ්ඩායමේ ස්ථානයක් සඳහා අවස්ථාවක් ලැබේ යැයි විශ්වාස නොකරන බවත්ය. යම් හෙයකින් අවස්ථාවක් ලැබුණහොත් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය.

˜මම බලාපොරොත්තු වෙනවා ලෝක කුසලානයේ පළමු තරගයට ක්‍රීඩා කරන්න. දක්ෂ ක්‍රීඩකයන් 14 දෙනෙක් ලෝක කුසලානයට යන නිසා මම හිතන්නෙ නැහැ මට එකපාරටම කණ්ඩායමට ඇතුළත්වීමට හැකිවේවි කියලා. මටත් බංකුවේ ඉඳගෙන බලාගෙන ඉන්න වේවි අවස්ථාව ලැඛෙනකම්.

අවස්ථාවක් ලැබුණොත් රට වෙනුවෙන් කියලා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හැකියාවක් මට නැහැ. මම පෞද්ගලිකත්වය වෙනුවෙන් කඩුලූ දවාගන්න උත්සාහ කරනවා. මම නිතරම හිතන දෙයක් තමයි පෞද්ගලිකව ක්‍රිකට් ක්‍රීඩා කළොත් එය අවසානයේ රට වෙනුවෙන් බලපානවා කියලා. මට තරගයක් ලැබුණොත් එහිදී මගේ උපරිම දක්ෂතාව දක්වන්න අපේක්ෂා කරනවා. එය රට වෙනුවෙන්ද, මං වෙනුවෙන්ද කියන කාරණය මට අදාළ නැහැ.

පන්දු යවන්නෙක් ලෙස කණ්ඩායමේ රැඳී සිටීමට නම් මම කඩුලූ දවාගත යුතුයි. මට කඩුලූ දවාගැනීමට හැකියාවක් නොමැති නම් කණ්ඩායමේ රැඬෙන්න බලාපොරොත්තුවක් නැහැ. තරගයක් අවසානයේ මගේ නම යටතේ කඩුලූ කිහිපයක් සටහන් විය යුතුයි. එතකොට තමයි මම මං වෙනුවෙන් දෙයක් කර තිඛෙන්නේ. එය අවසානයේදී රටවෙනුවෙන් බලපාන්න පුළුවන්.˜

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close