Breaking News
Home / Gossip / මං ක්‍රිකට්වලින් ඉවත් වෙලා ඉන්නේ.මාලිංග සියලු දේට පිලිතුරු දෙයි

මං ක්‍රිකට්වලින් ඉවත් වෙලා ඉන්නේ.මාලිංග සියලු දේට පිලිතුරු දෙයි

තමන් කිසිවිටෙකත් අරවින්ද ද සිල්වා මහතා සමග ඊමේල් ගනුදෙනු කර නොමැති බවත්, නායකයෙකු ලෙස හැමවිටම කටයුතු කළේ හිටපු තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතා සමග බවත් හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංග පැවසීය.

අනෙකුත් ක්‍රීඩකයන්ව අයි.පී.එල්. කණ්ඩායම් මිලදී නොගැනීම පිළිබඳව තමන්ට කිසිවක් කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය. මාලිංග මෙම අදහස් පළකළේ අරවින්ද ද සිල්වා මහතා පසුගියදා (05දා) තමන් සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශවලට පිළිතුරු වශයෙනි.තමන් රට වෙනුවෙන් වසර 12ක් ක්‍රීඩා කළ බවත්, කිසිවිටෙකත් තරගාවලියක් අතරමග නතර කර දමා නොගිය බවත් පැවසූ ලසිත් මාලිංග, අතීතය මිනිසුන්ට අමතක වී ඇති බවද පවසා සිටියේය.

“මම අරවින්ද ද සිල්වා මහතා සමග ඊමේල් ගනුදෙනු කරලා නැහැ. ඒ කතාව අසත්‍යයක්. මම නායකයෙක් වශයෙන් වැඩ කළේ කපිල විජේගුණවර්ධන (හිටපු තේරීම් කමිටු සභාපති) මහතාත් සමගයි. වත්මන් තේරීම් කමිටුව විනාඩි 10 කින් කණ්ඩායමක් තේරුවා, කවුරුත් දන්නෙත් නැහැ. උදේ බලද්දී ඔවුන් පත්වෙලා. 2011 ලෝක කුසලාන අවසාන තරගයේදී ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්වෙලා තරගයක් නොගහම හිටියා, ළහිරු තිරිමාන්න ආබාධයකට ලක්වෙලා මැදදි එළියට ගියා. ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීම සාමාන්‍ය දෙයක්. මම කියන අතීතය මිනිසුන්ට මතක නැහැ.

හැමෝටම මතක හිටින්නෙ මාලිංගට යම් දෙයක් වුණොත් පමණයි. අයී.පී.එල් කියන්නේ මම විතරක් ක්‍රීඩා කරන තරගාවලියක් නෙමෙයි. අනික් ක්‍රීඩකයන්ව අයි.පී.එල් කණ්ඩායම් මිලදීගන්නේ නැහැ කියලා මම මොනවා කරන්නද? පොඩ්ඩක් ක්‍රිකට්වල ඉතිහාසයට ගිහින් ආවර්ජනය කරලා බලන්න.

2011 වසරේ ඉන්දියාව සමග පැවැති අවසන් තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් ආබාධයක් නිසා ක්‍රීඩා කළේ නැහැ. එදා එම තරගයට මම ක්‍රීඩා නොකළා නම් හැමෝම කියයි ඉන්දියාව නිසා මම ක්‍රීඩා කළේ නැහැ කියලා. පොඩ්ඩක් හිතලා බලන්න, මම ක්‍රීඩා කළ අවුරුදු 12ටම කවදාවත් තරගාවලියක් අතරතුර දාලා ඇවිත් නැහැ. එක්කො මම ක්‍රීඩා කරලා තියෙනවා, නැතිනම් අයින් වෙලා තියෙනවා. මම කවදාවත් භාගෙට තරග ක්‍රීඩා කරලා මග දාලා යන්නෙ නැහැ. බැරි නම් බෑ, පුළුවන්නම් පුළුවන්. දැන් මං ක්‍රිකට්වලින් ඉවත් වෙලා ඉන්නේ. මං ක්‍රිකට් ගහන්නෙත් නැහැ”යැයි පැවසීය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close