Breaking News
Home / Gossip / භාරත ඝාතන සිද්ධියේ තිදෙනෙක්ගෙන් අභියාචනා – දුමින්දගෙන් නැහැ

භාරත ඝාතන සිද්ධියේ තිදෙනෙක්ගෙන් අභියාචනා – දුමින්දගෙන් නැහැ

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන සිද්ධියට අදාළව මරණ දඬුවම නියම වූ තිදෙනෙකු එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (20) අභියාචනා පෙත්සම් 03 ක් ගොනු කළා.

මෙම පෙත්සම් ගොනු කර තිබුණේ අනුර තුෂාර ද මෙල්, දෙමටගොඩ චමින්ද හා සරත් බණ්ඩාර නමැති අය විසින්.

කොළඹ මහාධිකරණයේ ප‍්‍රධාන රෙජිස්ටාර් කාර්යාලයේ අද දින ගොනු කළ මෙම පෙත්සම් ඉදිරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමට නියමිතයි. එම පෙත්සම් මගින් ඉල්ලා ඇත්තේ තමන්ට එරෙහිව ඇති සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසයි.

කෙසේ වෙතත් නඩුවේ 11 වන විත්තිකරු වන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා සිය තීන්දුව අභියෝගයට ලක් කරමින් අද අභියාචනා පෙත්සමක් ගොනු කළේ නැහැ. ඒ පිළිබඳ කළ විමසීමකදී ඔහුගේ නීතිඥයින් පැවසුවේ ඉදිරි දිනක දී එම අභියාචනය ගොනු කරන බවයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close