Breaking News
Home / Gossip / භාරත ඝාතන තීන්දුවෙන් දුමින්ද ගලවා ගැනීමට සරත් එන් සිල්වා කුමන්ත්‍රණයක

භාරත ඝාතන තීන්දුවෙන් දුමින්ද ගලවා ගැනීමට සරත් එන් සිල්වා කුමන්ත්‍රණයක

භාරත ලක්ෂ්මන් ඝාතන චූදිත ආර්. දුමින්ද සිල්වා චෝදනා වලින් නිදහස් කිරීමට අධිකරණමය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇතැයි වාර්තා වේ.

මෙම නඩුව විභාගය අවසන් වී දැන් ඇත්තේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ය.  නඩුව විභාග වූයේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය. එම විනිසුරු මඩුල්ලට සභාපති ශිරාන් ගුණරත්න, පද්මිණී රණවක ගුණතිලක සහ එම්.සී.බී.එන්.මොරායස් යන විනිසුරුවරුන් තිදෙනා අයත් වූහ. 

ආර්.දුමින්ද සිල්වා ගලවා ගැනීම වෙනුවෙන් අධිකරණ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ කුප්‍රකට හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා වන අතර සභාපති ශිරාන් ගුණරත්න යනු සරත් නන්ද සිල්වා විසින් විනිසුරුවෙක් ලෙස බව්තීස්ම කරන ලද අයෙකි. ඍජුවම සරත් නන්ද සිල්වා වාදියෙකි. එබැවින් ඔහු මේ වන විටත් සරත් නන්ද සිල්වාගේ වුවමනාව අනුව ආර්.දුමින්ද සිල්වා නිදහස් කිරීමට තීරණය කර තිබේ. 

අනෙක් දෙදෙනාගේ මතය තීන්දුව කෙරෙහි ලා වැදගත් වන අතර සරත් එන් සිල්වා සහ දුමින්දගේ කළු සල්ලි ක්‍රියාත්මක වෙමින් මේ වන විට පද්මිණී රණවක ගුණතිලකට දැඩි බලපෑම් එල්ල වී තිබේ. කෙසේ වෙතත් ඇය තවමත් ඉන්නේ වැට උඩ බව දැනගන්නට ඇත. මොරායස් විනිසුරුවරයා නම් දුමින්ද සිල්වා වැරදි කරු බවට දැනටමත් තීන්දු කර ඇත. එසේ නමුත් තීරණාත්මක වන්නේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක බහුතර මතය බැවින් පද්මිණී රණවක ගුණතිලකගේ ‘වටිනාකම‘ සිල්වලාට බොහෝ සෙයින් ඉහල ගොස් ඇත. නඩු තීන්දුව සැප්තැම්බර් මුල් සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.  

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close