Breaking News
Home / Gossip / බෝම්බය තිබූ ත්‍රීවීල් රථය හමුදාවේ: එහි සිටියේ රජයේ ඔත්තුකරුවෙක්: බුද්ධි අංශ නිලධාරියෙක් හෙලිකරයි..!

බෝම්බය තිබූ ත්‍රීවීල් රථය හමුදාවේ: එහි සිටියේ රජයේ ඔත්තුකරුවෙක්: බුද්ධි අංශ නිලධාරියෙක් හෙලිකරයි..!

“පිත්තල හන්දියේ බෝම්බය ගෝඨාම අටවා ගත් එකක් යැයි ෆොන්සේකා කළ චෝදනාවට අදාල තවත් සාක්කියක් හමුවේ“ මැයෙන් අද උදෑසන  පළමු වරට පළ කළ ප්‍රවෘත්තියේදී තවත් සාක්කි වෙත් නම් අප වෙත හෙලිකරන මෙන් කරන ලද ඉල්ලීම අනුව තවත් වැදගත් සාක්කියක් ලැබී තිබේ. නම සඳහන් කළ නොහැකි උසස් බුද්ධි අංශ නිලධාරියෙකු විසින් අද සවස මෙම වැදගත්ම සාක්කිය හෙලි කර සිටියේ ය. 

ඔහු පවසන්නේ පිත්තල හන්දියේ පුපුරා ගිය බෝම්බය තිබූ ත්‍රීවීල් රථයේ සිටි පුද්ගලයා හමුදා බුද්ධි අංශ වෙත දීර්ඝ කාලයක් පුරා තොරතුරු ලබා දුන් දෙමළ භාෂාව හොඳින් දන්නා ආණ්ඩුවේම ඔත්තු කරුවෙක් බවයි. ඔහුගේ ත්‍රී වීල් රථයද හමුදාව විසින් ඔහු වෙත සපයා තිබූ එකක් බවද පැවසේ. මේ කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ රහස්‍ය ගිණුමෙන් ඔහු වෙත මාස්පතා ගෙවීම් කළ අයෙක් බවද උසස් බුද්ධි අංශ නිලධාරියා හෙලි කර සිටියේ ය. 

බෝම්බ ප්‍රහාරයෙන් පසු ජනමාධ්‍යයට පෙන්වූ මරාගෙන මැරෙන බෝම්බ කරුවාගේ යයි කී මළ සිරුරේ හිස සහමුලින්ම විනාශ වී තිබූ අතර සිරුර කාගේ කව්දැයි හඳුනා ගත්තේ නැත. සාමාන්‍යයෙන් එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගේ සිරුර විනාශ වී හිස ඈතට විසි වී ඉතිරි වන නමුදු මෙහිදී සිදුව තිබුනේ එහි කණපිට ය. 

එකල ආරක්ෂක අංශ ත්‍රීවීල් රථය පැදවූ පුද්ගලයා කව්දැයි හෙලි නොවී යැයි කී නමුත් බෝම්බය කිලිනොච්චියේ සිට ගෙනාවේ යයි කියා කෙයාර් ඉන්ටර්නැෂනල් සංවිධානයේ රැකියාව කළ ‘පොන්නසාමි කාර්තිගේසු‘ නමැති දෙමළ ජාතික රියැදුරෙකු අත් අඩංගුවට ගනිමින් ජනතා වෛරය එන්ජීඕ පිට පැටවීය. ත්‍රී වීලර් රථය කාගේ දැයි හෙලි නොකළ ආරක්ෂක අංශ ත්‍රී වීලර් රථය මිලදී ගැනීමට බ්‍රෝකර් වැඩේ කළා යැයි කියා ‘ලතීෆ් මොහොමඩ් ෆරීස්‘ නමැති මුස්ලිම් ජාතිකයෙකු අත් අඩංගුවට ගත්තේය. පසුව මේ දෙදෙනාටම පැවරූ නඩුවක් නම් නොවීය. 

මේ අතර එදින ගෝඨාභය රාජපක්ෂ ගමන් කළ රථයේ තිබී හමුවූ ආරක්ෂිත ගෑස් හිස් වැස්ම හෙවත් ‘ගෑස් මාස්ක්‘ එක සම්බන්ධයෙන්ද තවත් තොරතුරු  ලැබී තිබේ. එම ගෑස් මාස්ක් එක ‘වීඅයිපී චෙක් ලිස්ට් එක‘ හෙවත් සෑම වීඅයිපී පුද්ගලයෙකුගේම රථයේ ආරක්ෂාවට ගෙන භාණ්ඩ සම්බන්ධයෙන් අදාල ලැයිස්තුවෙහි තිබී නැති බව ස්ථිර ය. එම ප්‍රහාරය සම්බන්ධයෙන් එකල රහස් පොලිස් පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන් ඒ ගැන වාර්තා තබා තිබේ. 

ගෝඨාභය එදින ‘ගෑස් මාස්ක්‘ එකක් රැගෙන ගොස් ඇත්තේ නිසැකවම ඔහු ප්‍රහාරය ගැන දැනගෙන සිටි බැවිනි. වෙඩි නොවදින රථ නිපදවා ඇත්තේ යම් ප්‍රහාරයකදී රථයේ දොරවල් ඇතුලතින් හෝ පිටතින් විවෘත කළ නොහැකි පරිදි ක්ෂණිකව ලොක් වන ආකාරයට ය. ඒ ඇතුලත සිටින පුද්ගලයා ගේ ආරක්ෂාව උදෙසා ආරක්ෂිත ක්‍රමවේදයක් (security option) ලෙසය. ගෝඨාභය ගමන් කළ රථයේද එවැනි ක්‍රමවේදයක් තිබී ඇත.  ඒ බව දන්නා ගෝඨාභය රාජපක්ෂ, ප්‍රහාරයෙන් පසු දොරවල් ලොක් වීමෙන් හුස්ම ගැනීමේ යම් අපහසුතාවයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා ‘ගෑස් මාස්ක්‘ එකක් රැගෙන ගොස් තිබේ. එය ‘වීඅයිපී චෙක් ලිස්ට්‘ එකෙහි සඳහන්ව නොතිබුනේ රහස දැනගෙන තිබුනේ ගෝඨාභය පමණක් නිසා විය යුතුය. ඉන් පසුව කෙදිනකවත් ‘ගෑස් මාස්ක්‘ එකක් ඔහු ගමන් කළ රථයේ නොතිබුනේ ද වෙනත් බෝම්බ පුපුරන්නේ නැති බව ගැන ඔහුට තිබූ විශ්වාසය නිසා විය යුතුය. 

අප වෙත තොරතුරු කී ඉහල බුද්ධි අංශ නිලධාරියා පවසන්නේ ගෝඨාභයගේ කුමන්ත්‍රණයට හමුදා ඔත්තුකරුවා බිලි දුන්නාද කියා සැක බවයි. එල්ටීටීඊයේ බෝම්බ ලෙස බෝම්බ නිෂ්පාදනයට දක්ෂ නිලධාරීන් හමුදාවේ කොතෙකුත් හිඳ තිබේ. එවැන්නෙකු ලවා නිපදවූ බෝම්බයක් ඔත්තුකරුට හොරා ඔහුගේම ත්‍රීවීල් රථයේ සවිකර ගෝඨාභයගේ රථයට විශාල හානියක් නොවන තරම් දුරක සිට එනම් මීටර් 25 ක් තරම් ඈත සිට පුපුරුවා හැරියේදැයි සෙවීමට අලුතින් පරීක්ෂණ කළ යුතු යැයි ඔහු පවසයි.

2006 දෙසැම්බර් 01 වෙනිදා මෙකී බෝම්බ පිපිරීම කොල්ලුපිය පිත්තල හන්දිය අසලදී සිදුවූ අතර ඉන් ගෝඨාභයගේ ආරක්ෂාවට සිටි යුද හමුදාවේ 7 ක් ද සිවිල් පුරවැසියන් 7 ක් ද තුවාල ලැබූහ. ලත් තුවාල වල බරපතල කම නිසා යුද හමුදාවේ හත් දෙනාගෙන් දෙදෙනෙක් මිය ගියහ. ගෝඨාභයගේ රථයද ඇතුළුව වාහන 8 කට හානි සිදුවිය. 

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close