Breaking News
Home / Gossip / බොරතෙල් මිල ඉහළට

බොරතෙල් මිල ඉහළට

ලොව විශාලතම බලශක්ති පාරිභෝගිකයා වන ඇමරිකාවේ තෙල් සංචිත පහත වැටීම හේතුවෙන් ලෝක වෙළදපළේ බොරතෙල් මිල අද දිනයේ ඉහළ යාමක් පෙන්නුම් කළා. ඒ අනුව තෙල් මිල සියයට 3කින් පමණ ඉහළ ගිය අතර, බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 33යි ශත 83ක් ලෙසයි. කෙසේ නමුත්, අතිරික්ත සැපයුම් හේතුවෙන් ලෝක වෙළදපළේ තෙල් මිල ඉදිරියේදීත් කැපී පෙනෙන ලෙස ඉහළ යාමට ඉඩ නොමැති බව විචාරකයන් පෙන්වා දෙනවා.

රුසියාව මේ වන විට දිනකට තෙල් බැරල් මිලියන 10ක් පමණ නිෂ්පාදනය කරන අතර, ඉරානය ද තෙල් වෙළදපළට එක්වීමත් සමඟ එම අතිරික්තය තවදුරටත් ඉහළ යනු ඇති.මීට පෙර තෙල් අපනයනය කරන රටවල ඔපෙක් සංවිධානයේ දෙවන විශාලතම අපනයනකරු වූ ඉරානය, 2011 වසරට පෙර දිනකට තෙල් බැරල් මිලියන 3ක් අපනයනය කළා.

සම්බාධක ඉවත් වීමත් සමඟ සිය තෙල් නිෂ්පාදනය නුදුරේදීම අවම වශයෙන් දිනකට තෙල් බැරල් හත්ලක්ෂය දක්වා ඉහළ නැංවීමට ඉරානය සැලසුම් කර තිබෙනවා.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close