Breaking News
Home / Gossip / බුද්ධි අංශ වර්තාත් එක්ක ජනපති අද කියපු දේවල්

බුද්ධි අංශ වර්තාත් එක්ක ජනපති අද කියපු දේවල්

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ගැටලුව ඇත්තේ, පක්ෂය පරාජය කළ දූෂිත තක්කඩි, සොර කල්ලියක් සහ පිරිසිදුව පක්ෂය ප්‍රතිපත්ති හා දර්ශනය ඔස්සේ, ඉදිරියට ගෙන යන පිරිසක් අතර බව ය.

කුමන්ත්‍රණයකින් ආණ්ඩු පෙරළා බලය ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් නොමැති බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩිදුරටත් පවසා ඇත.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, අද උදෑසන ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවිති සාකච්ඡාවකදී ය.

විවිධ රැස්වීම් පවත්වමින් යන පිරිස උත්සහ දරන්නේ පක්ෂය දින වීමට නොව ඔවුන්ගේ දූෂණවලට එරෙහිව සිදුකරන පරීක්ෂණවලට බලපෑම් එල්ල කිරීමට බව ද, මෙම සාකච්ඡාවේචී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

ඒකාබද්ධ විපක්ෂය හයිඩ් පිටියේ පැවැත්වූ රැස්වීමට පැමිණි පිරිස 11,900 ක් බව රාජ්‍ය බුද්ධි තොරතුරු තමන්ට දන්වා ඇතැයි මෙම හමුවේදී ජනපති අනාවරණය කළේ ය.

ජනාධිපතිවරයා කියා සිටියේ, මෙහිදී අදහස් දැක්වූ හිටපු පාලකයා රැස්වීමට පැමිණ සිටින ජනතාවගේ ප්‍රමාණය අධිකරණ තේරුම් ගත යුතු යැයි ප්‍රකාශ කළ බව ය.

ජනතාව පෙන්වා විමර්ශන නිලධාරීන්ට සහ අධිකරණයට බලපෑම් කිරීමේ අරමුණින් මෙම රැස්වීම් සංවිධානය කරන බව එම ප්‍රකාශයෙන් පෙනී යන්නේ යැයි ජනාධිපති සඳහන් කළේ ය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close