Breaking News
Home / Gossip / බැසිල් හදිසියේ ‘මරණාසන්න‘ වී ජාතික රෝහලට

බැසිල් හදිසියේ ‘මරණාසන්න‘ වී ජාතික රෝහලට

ලංකාවේ නීතිය මහජනතාව අතර බාල්දුවට සහ විහිලුවට ලක් කරමින් 18 දා පෙරේදා හෙන කඳයෙකු සේ ඉහෙන් බහින අමාරුවක් නැතිව රිමාන්ඩ් බන්ධනාගාරයට ගිය බැසිල් රාජපක්ෂ පැය 24 ක් ගතවීමටත් මත්තෙන් 19 දා ඊයේ සවස “හදිසියේ මරණාසන්න ලෙස අසනීප වී“ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

ඔහු මේ වන විට ජාතික රෝහලේ 15 වෙනි වාට්ටුවේ “ප්‍රතිකාර“ ලබමින් සිටී. (තවම ගෙවන වාට්ටුවකට මාරු කර නැත.)

 

බන්ධනාගාර රෝහල සහ එහි වෛද්‍යවරුන්ගේ පාලනය පවතින්නේ බන්ධනාගාර කොමසාරිස් වරයා යටතේ නොවේ. එය පවතින්නේ කොළඹ ජාතික රෝහල යටතේ ය. 

රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන රැඳවූවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වාර්තා කරන්නේ වෛද්‍ය නිහාල් සේනාධීර නමැත්තෙකි.නිහාල් සේනාධීර, බැසිල් රාජපක්ෂ රෝගියෙකු යැයි නිගමනය කර බන්ධනාගාර රෝහලට ඇතුලත් කළ යුතු යැයි නියෝග කර තිබේ. ඉන්පසු බන්ධනාගාර රෝහලේදී බැසිල් රාජපක්ෂ පරීක්ෂා කර ඔහු බන්ධනාගාර රෝහලේවත් තබා ගත නොහැකි තරමේ “අසාධ්‍ය රෝගියෙක්“ බව නිගමනය කර ජාතික රෝහලට ඇතුලත් කළ යුතු යැයි නියෝග කර ඇත්තේ බන්ධනාගාර රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් වන සුජීවා ජයවර්ධන නමැත්තිය ය.

මේ දෙදෙනාම සේවය කරන්නේ බන්ධනාගාර රෝහල බාරව සිටින ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වන විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ජයමාන්න යටතේ ය. අවසාන අනුමැතිය දෙන්නේ ඔහුය. 

බන්ධනාගාර රෝහල කොළඹ ජාතික රෝහල සේම සියළු පහසුකම් වලින් සමන්විත රෝහලකි. ශල්‍යාගාරයක් රසායනාගාරයක් ආදී පහසුකම් වලින් සමන්විත එහි වාට්ටු 23 කි. 3 ක් කාන්තා වාට්ටුය. එබැවින් මරණාසන්න රෝගියෙකු හැර අන් රෝගියෙකු ජාතික රෝහලට යැවීමට අවශ්‍යතාවයක් නැත. 

නමුත් මෙහි සේවය කරන ප්‍රධානියා වන විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ජයමාන්න නමැත්තා නීල කාස පගා මරුවෙකි. දූෂිතයෙකි. මොහු මෙහි සේවය කරන්නේ වසර ගණනාවක් තිස්සේ ය. මාරු කළද යලිත් එතැනටම මාරුවීම හදා ගැනීමට තරම් ඔහු බලවත් ය. 

මේ දිනවල තෝරුන් මෝරුන් සිරගත වෙද්දී ලක්ෂ්මන් ජයමාන්න පගා මරුවාගේ කල්ල මරේය. සිරකුටිය රෝහල් ඇඳක් බවට පත් කර දීමට මොහු ලබා ගන්නා අල්ලස් මුදල් අනෙකුත් වෛද්‍යවරුන් අතරේද බෙදී යයි.

මෙම වෛද්‍යවරුන් මාරු කිරීමට සොෟඛ්‍ය අමාත්‍යාංශයටවත් නොහැකිය. වෛද්‍යවරුන්ගේ මාරු වීම් කළ යුත්තේ මාරපුත්‍ර පාදෙණියගේ වෛද්‍ය සංගම් මාෆියාවේ අනුමැතිය මත ය. එසේ අනුමැතිය නොදීම නිසා රජයේ රෝහල් 37 ක් වැසී ගොස් ඇතැයි සෞඛ්‍ය ඇමැතිවරයා පසුගියදා හෙලිකෙළේය. 

රාජපක්ෂලාගේ පශ්චිම භාගය ලෙවකන පාදෙණිය බැසිල් රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාර ගත වූ සැනින් තම මාෆියා ගජයන් ලවා ඔහු අසාධ්‍ය රෝගියෙකු කරවා ජාතික රෝහලට යවන්නේය. එතැන සිටින මාෆියා කරුවන් ඔහුට ගෙවන වාට්ටු පහසුකම සලසා දෙන්නේය. ඉන්පසුව බැසිල් ගෙවන වාට්ටුව තම කාර්යාලය කරගනිමින් අපූරුවට දේශපාලනය කරන්නේ ය. 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close