Breaking News
Home / Gossip / බැසිල් සහ බිරිද හමුදාවට පහරදිදී වැඩ ගත්ත හැටි මෙන්න

බැසිල් සහ බිරිද හමුදාවට පහරදිදී වැඩ ගත්ත හැටි මෙන්න

බැසිල්-පුෂ්පා රණවිරුවන්ට සැලකූ හැටි.! සරොම ඇන්දුවේ දණ ගහගෙන: බඳ පටිය පැළඳුවේ දණ ගහගෙන: සාරි කටුව ගැහුවේ ගුටි කා ගෙන: වැරදුනාම පයින් ගහලා
කොමිසම හමුවේ පාපෝච්ඡාරණ රැසක තොරතුරු

රණවිරුවන් පිළිබඳව, රණවිරු ගෞරවය පිළිබඳව මහ ඉහළින් කතා කරන බැසිල් රාජපක්ෂ ඉකුත් වනචාරී පාලන සමයේ ආර්ථීක සංවර්ධන අමාත්ය වරයා වශයෙන් සිටියදී සිය පෞද්ගලික රාජකාරි සඳහා ත්රිනවිධ හමුදා සහ පොලිසියේ 200 කට අධික පිරිසක් සේවයට යොදා ගනිමින් ඔවුන්ට බල්ලන්ට මෙන් සලකා තිබෙන බවත් බරපතල වංචා දූෂණ විමර්ශන පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ හෙලිදරව් වී තිබේ.
ආරක්ෂක කටයුතු, රියදුරන්, ඉවුම් පිහුම් කටයුතු, නියම ආකාරයට සරොම ඇන්දවීම, බල්ලන් බලාගැනීම, සම්භාහන කටයුතු, බිරිඳගේ වැසිකිලි කැසිලික පවිත්රාර කටයුතු ඇතුලු සට්ටැඹි කාර්යයන් වෙනුවෙන් මෙම පිරිස යොදාගෙන ඇති බවද කොමිසම හමුවේ හෙලිදරව් වී තිබේ.
හෙලිදරව් වූ ඇත්ත කතාව
යුද හමුදාවෙන් 84 දෙනකු ද, නාවික හමුදාවෙන් 64 ක්ද, පොලීසියෙන් 47 ක්ද, නාවික හමුදා සෙබළියන් 10 ක්ද බැසිල් සහ බිරිඳ අවභාවිතා කළ රණවිරුවන් අතර වෙති.
නාවික හමුදා සෙබළියන් අනුයුත්ක කර ඇත්තේ පුෂ්පා රාජපක්ෂගේ වැසිකිලි පවිත්රත කිරීම, ඇය වැසිකිලි යාමට පෙර කොමොඩ් එකේ වතුර පිසීම, ඇගේ සාරි කටුව ගැසීම, යන යන ගැන අත්බෑගය රැගෙන යාම, දහඩිය දැමුවිට ටිෂූ වලින් මුහුණ පිසීම ඇතුලූ පෞද්ගලික රාජකාරි යැයි කී සට්ටැඹි කාර්යයන් සඳහා බවද පැවසේ.
බැසිල් රාජපක්ෂගේ බල්ලන් බලා ගැනීම සඳහා නාවික හමුදාවේ 6 දෙනක් ද, කුස්සියේ රාජකාරි සඳහා නාවික හමුදාවේ 18 දෙනක් ද, සම්භාහන කටයුතු සඳහා නාවික හමුදාවේ 6 දෙනක් ද, බැසිල්ට අයත් ඇමරිකාවේ නිවසේ කුස්සියේ කටයුතු වෙනුවෙන් නාවික හමුදාවේ 2 ක් ද, දණ ගසාගෙන නියම ආකාරයට සරම ඇන්දවීම , දන ගසාගෙන බඳ පටිය ඇන්දවීම, රියදුරන් ද ආදී වශයෙන් නාවික හමුදාවේ 5 දෙනක් ද, ඉන් කිහිපයක් බව කොමිසම හමුවේ හෙලිදරව් වී තිබේ.
දණ ගසාගෙන සරම අන්දවද්දී බැසිල් පයින් ගහනවා
බැසිල් රාජපක්ෂට නියම ක්රබමයට සරම පිළිවෙලට ඇන්දුවේ නැතිනම් එම නාවික හමුදා සාමාජිකයා දණ ගසා ගෙන සිටින අවස්ථාවේදීම මුණට පා පාහර එල්ල කර අමානුෂික ලෙස පහර දෙන බවද නාවික භටයින් කොමිසම හමුවේ පාපෝච්ඡාරණය කර තිබේ.
යුද හමුදාවේ 84 දෙනා අතර පෞද්ගලික ගමන් සඳහා කිහිප දෙනකුත් රියදුරුන් සදහා 20 දෙනකුත් හැර සෙසු පිරිස ආරක්ෂාව සඳහා යොදවාගෙන ඇත.
පොලිසියේ සියලු දෙනා ඇමැති ආරක්ෂක අංශයේ පිරිස් බවත් ඇමැතිවරයකුගේ ආරක්ෂාවට නිල වශයෙන් අනුයුක්ත කිරීමට හැකියාව ඇත්තේ ඇමැති ආරක්ෂක අංශයේ 6 දෙනෙක් වුවද මොහුු සිය බලය පාවිචිචි කරමින් 47 දෙනක් ඒ සඳහා අනුයුක්ත කරගෙන ඇති බවද කොමිසම හමුවේ හෙලිවී ඇත.
බැසිල්ගේ ඇමරිකාවේ ගෙදර කුස්සියේ වැඩට රණවිරුවන් යවලා
බැසිල්ගේ ඇමැරිකා නිවසේ කුස්සියේ රාජකාරි සඳහා රැගෙන ගොස් සිටි නාවික හමුදා සාමාජිකයින් දෙදෙනා විදේශ ගතකර ඇත්තේ සාමාන්ය විදේශ ගමන් බලපත්රස වලින් නොව රාජතාන්ත්රිලක බලපත්ර් වලින් බවත් ඔවුන් රැගෙන ගොස් ඇත්තේ ඇමැරිකාවේ තානාපති කාර්යාල උද්යාානයේ වැඩට රැගෙන යන මුවාවෙන් බවත් හෙලි වී තිබේ.
බැසිල් රාජපක්ෂ ඇමරිකාවෙන් සහ ඉන්දියාවෙන් සුපිරි බල්ලන් දෙදෙනකු ගෙන්වා ඇති බවත් රුපියල් ලක්ෂ 4 1/2 මුදලකට මොවුන් මෙරටට රැගෙනවිත් ඇති අතර ඔවුන් වෙනුවෙන් වෙනම ශීත කාමර සකසා තිබූ බවත් එවුන් නඩත්තුවද නාවික හමුදා භටයන් විසින් සිදුකර ඇති බවත් හෙලි වී ඇත.
බැසිල් ගහද්දී නාවික හමුදා ලොක්කන් මර බියේ නිහඬව ඉඳලා
මෙකී සියලු අවභාවිතාවන් සිදු කර ඇත්තේ නාවික හමුදා කපිතාන් වරයකුගේ නායකත්වය යටතේ වන අතර සරොම අන්දවද්දී, බඳ පටිය පළඳවද්දී වැරදුනු විට බැසිල් රාජපක්ෂ සිදුකරන ලද අමානුෂික පහරදීම් නාවික හමුදාවේ ඉහළ නිලධාරීන්ට දැනුවත් කළ ද රාජපක්ෂලාට ඇති මර බිය හේතුවෙන් එම නිලධාරීන් පැමිණිලි නෑසුනු ගානට සිටි බවද පැවසේ.
සරොම ඇන්දවීමට බඳ පටිය පැලඳවීමට අමතරව තමන්ට සතුටු දායක නොවන අයුරින් රාජකාරි කරන ඕනෑම නාවික හමුදා සාමාජිකයෙකුට බැසිල් රාජපක්ෂ අමානුෂික ලෙස පහර දී තිබේ.
බැසිල්ගේ අඹුවගේ සාරි කටුව ගහන්න සෙබලියන් යොදවලා
බැසිල් රාජපක්ෂගේ බිරිඳ පුෂ්ෂා රාජපක්ෂ ගේ ආරක්ෂාවට සහ ඇගේ අත්බෑග් රැගෙන යාමට, දහදිය දැමු විට මුහුණ පිසදැමීමට, සාරිය සකසමින් සාරිකටුව ගැසීම ඇතුලූ සට්ටැඹි කාර්යයන් වෙනුවෙන් නාවික හමුදා සෙබළියන් යොදාගෙන තිබේ
රජයේ මුදල් අවභාවිතා කිරීම, රජයේ සේවකයින් වහල් සේවයේ යොදා ගැනීම ඇතුලූ කරුණු රැසක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ සහ පුෂ්පා රාජපක්ෂ ට එරෙහිව කොමිසම විසින් නඩු පැවරීමට කටයුතු යොදා ඇත.
ත්රිතවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් රැසකගෙන් කොමිසම ප්රමකාශ සටහන් කරගෙන ඇති අතර ඉහත සඳහන් සියලු තොරතුරු එකී ප්රපකාශ මගින් තහවුරු කරගත් ඒවා බව ලංකා ඊ නිව්ස් සහතික කර කියා සිටිමු.
රණවිරුවන් ගැන මහ ඉහළින් කථා කරමින් කිඹුල් කඳුළු හෙළන රාජපක්ෂලාගේ සෑබෑ නිරුවත මෙමගින් හෙළි වන අතර මෙවන් දේශපාලන තිරිසනුන්ට දිය යුතු දඬුවම දෙවියන් තීන්දු කළත් මදිය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close