Breaking News
Home / Gossip / බැසිල් රහසේ හමුදා ප්‍රධානින් හමුවෙලා.බුද්ධි අංශ සියල්ල හෙලි කර ගනි.මෙන්න සියල්ල

බැසිල් රහසේ හමුදා ප්‍රධානින් හමුවෙලා.බුද්ධි අංශ සියල්ල හෙලි කර ගනි.මෙන්න සියල්ල

දේශපාලනඥයන් පමණක් නොව ආරක්ෂක අමාත්‍යාංශය හෝ වෙනත් රජයේ ඉහළ නිලධාරීන් හමුවීම යුද හමුදාපතිවරයාගේ අවසරය මත සිදු කළ බවට චක‍්‍ර ලේඛ හා උපදෙස් නිකුත් කර තිබිය දී එයට පටහැනිව සක‍්‍රීය සේවයේ සිටින යුද හමුදා මේජර් ජෙනරාල්වරුන් හතරදෙනකු, විශ‍්‍රාමික හමුදාපතිවරයකු හා මේජර් ජෙනරාල්වරයකු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡුා පැවැත්වීමක් පිළිබඳව හමුදා බුද්ධි අංශ තොරතුරු රැස්කරමින් පවතින බව වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ මහතා හා මෙම හමුදා නිලධාරීන් අතර සාකච්ඡුා සිදුවී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයැයි වාර්තා වන අතර එම පිරිස ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාවට යෑමට පෙර ඔහු හමුවී කළ සාකච්ඡුාවේදී බැසිල් රාජපක්ෂ මහතා හමුවී උපදෙස් ලබාදී ඇත.

මීට පෙර පසුගිය වසරේ අවසන් භාගයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී කළ ඉල්ලීමක ප‍්‍රතිඵලයක් වශයෙන් එවකට සක‍්‍රිය සේවයේ සිටි යුද හමුදා මේජර් ජෙනරාල්වරුන් නවදෙනකු ජනාධිපති වරයාව ඉතා හදිසියේ මීගමුවේ පැවති විවාහ මංගලෝත්වයක දී හමුවී අතර එම හමුවීම සඳහා ඒ වන විට ඉන්දියාවේ පාඨමාලාවක් හදාරමින් සිටි මේජර් ජෙනරාල් ගවේන්ද්‍ර සිල්වා පාඨමාලාව අතරතුර දී පැමිණ තිබුණි.

මේ සිදුවීමෙන් පසුව යුද හමුදාපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හමුවීම පිළිබඳව චක‍්‍ර ලේඛයක් මඟින් උපදෙස් නිකුත් කරනු ලැබීය.

එම සාකච්ඡුාවේ දී විශ‍්‍රාම යෑමට නියමිත යුද හමුදා මේජර් ජෙනරාල්වරුන්ට තවත් කාලයක් යුද හමුදා සේවයේ නිරතවීමට ඉඩ ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබු අතර නැතහොත් යුද අපරාධ චෝදනාවන්ට ලක්වීමේ දී එය ඔවුන්ට අවාසිසහගත බව ද පෙන්වා දී තිබුණි.

එසේ ජනාධිපතිවරයා හමු වූ පිරිස අතරින් ජනරාල්වරුන් වන ජගත් ඩයස්, මහින්ද හතුරුසිංහ හා ප‍්‍රසන්න ද සිල්වා යුද හමුදාපති ධුරය නොලැබීමෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් මේ වන විට විශ‍්‍රාම ගොස් ඇත.

මෙම බැසිල් රාජපක් මහතා හමුවී ඇති සකි‍්‍රිය සේවයේ සිටින මේජර් ජෙනරාල්වරුන් සිව්දෙනාම ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඉතා සමීපව කටයුතු කළ අය වන අතර ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කළ ගජබා රෙජිමේන්තුවේම සාමාජිකයෝය.

වත්මන් යුද හමුදාපති කි‍්‍රෂාන්ත ද සිල්වා මහතාගේ වසරක සේවා දිගුව 2016 අගෝස්තු 21 දි අවසන් වන අතර ඔහුට තවත් සේවා දිගුවක් ලබා දෙනවා ද නව යුද හමුදාපතිවරයකු පත්කරනවා ද නැද්ද යන්න තවම ප‍්‍රකාශයට පත් වී නැත.

මෙසේ බැසිල් රාජපක්ෂ මහතා හමු වූ මේජර් ජෙනරාල්වරුන්ගෙන් එක් මේජර් ජෙනරාල්වරයකු හමුදාපති ධුරය නොලැබුණහොත් 2016 සැප්තැම්බර් 25 දින වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් විශ‍්‍රාම යායුතු අතර තවත් මේජර් ජෙනරාල්වරයකු සැප්තැම්බර් 30 දින විශ‍්‍රාම යා යුතුය.

මේ පිළිබඳව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර ගෙන් කරන ලද විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා ගෙන් විමසා පිලිතුරක් ලබා දිය යුතු බව හා යුදහමුදාපතිවරයාගේ කාර්ය බහුලත්වය හේතුවෙන් ඔහු සම්බන්ද කරගැනීමට නොහැකි වූ බවය.

(රාවය)

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close