Breaking News
Home / Gossip / බැසිල්ගේ පාද යාත්‍රාවට රාජපක්ෂ පිලෙන්ම විරෝධයක්

බැසිල්ගේ පාද යාත්‍රාවට රාජපක්ෂ පිලෙන්ම විරෝධයක්

බැසිල් රාජපක්ෂගේ යෝජනාවක් අනුව රාජපක්ෂ කල්ලිය විසින් සංවිධානය කර ඇති මහනුවර සිට කොළඹ දක්වා යන පාද යාත්‍රාව ගැන ශ්‍රිලනිප රාජපක්ෂ පිලේ අය අතරම ගැටුමක් හටගෙන තිබේ. 

රාජපක්ෂ පිලත් සමග සිටින නමුත් සොරකම් චෝදනා එල්ල වී නැති විදුර වික්‍රමනායකලා සහ රත්නපුර කණ්ඩායම වැනි අය විසින් මෙකී පාද යාත්‍රාවට විරෝධය දක්වමින් පවසා ඇත්තේ ආණ්ඩුවට එරෙහිව පාද යාත්‍රාවක් යෑමට තවමත් වේලාසන වැඩි බවයි. ආණ්ඩුවක් පත්වී වසරක් පමණක් ගත වීත් නැති කාලයක ආණ්ඩුවක අවසන් කාලයේදී කළ යුතු විරෝධයක් පෑමෙන් සිදුවන්නේ අවසානයේ පහර දිය යුතු ආයුධයක් කලින් භාවිතා කිරීම නිසා මොට්ට වී යනු ඇති බවයි. 

සියළු දෙනාම එපා, අනවශ්‍ය යයි කියද්දී බැසිල් රාජපක්ෂගේ මෝඩ උපදේශය අනුව වසර දෙකකට පෙර ජනාධිපතිවරණයකට ගොස් කෙළවා ගත්තා වැනි මෙයද බැසිල්ගේ තවත් මෝඩ උපදේශයක් බවත් මෙයින්ද සිදුවන්නේ අවසානයේ කළ යුතු විරෝධයක් කලින් කිරීම හේතුවෙන් එහි වලංගු භාවය දියවී යාම බවත් එම කණ්ඩායමේ මතය වී තිබේ. එදා බැසිල්ගේ ලණුව නොකෑවා නම් තවමත් බලයේ සිටින්නේ රාජපක්ෂ ආණ්ඩුව බවත් ලණුව දුන් ඔහු අද සිටින්නේ හිරේ බවත් ඔව්හු ඔලොක්කුවට පවසති. 

එම කණ්ඩායම නගන තවත් විරෝධයක් නම් එදා මහින්ද රාජපක්ෂ එජාප ආණ්ඩුවකට එරෙහිව පාද යාත්‍රාවක් ගියේ කොළඹ සිට කතරගමට නමුත් මෙදා යන්නේ මහනුවර සිට කොළඹට වීමයි. එදා කොළඹ සිට කතරගමට ගියේ කතරගම දෙවියන්ට අවනඩුව කීමට වුව අද මහනුවර සිට කොළඹට යන්නේ කොළඹ සිටින මොන දෙවියන්ට අවනඩුව කීමටදැයි ඔව්හු ප්‍රශ්න කරති.

හොරකම් කළ අයට තිබෙන හදිස්සිය හොරකම් නොකළ අපට නැතැයිද රාජපක්ෂ පිලත් සමග සිටින නමුත් සොරකම් චෝදනා එල්ල වී නැති කණ්ඩායම පවසති.    
 
මේ අතර පවිත්‍රාදේවී වන්නිආරච්චි පාද යාත්‍රාවට සහභාගී වන්නැයි ඉල්ලමින් රත්නපුරේ අගුපිලක් ගානේ යමින් සිටින්නීය. පාද යාත්‍රාවක් සඳහා ශ්‍රීලනිප සාමාජිකයන්ගේ උනන්දුව එතරම්ම හීන වී තිබේ. 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close