Breaking News
Home / Gossip / බන්ධනාගාර බස් රථයකට වෙඩි – දෙමටගොඩ චමින්දට තුවාල

බන්ධනාගාර බස් රථයකට වෙඩි – දෙමටගොඩ චමින්දට තුවාල

බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමක් සිදු වී ඇතැයි වාර්තා වෙනවා. ඒ දෙමටගොඩ ප්‍රදේශයේදී බවයි අනාවරණය වෙන්නේ.

වෙඩි වැදීමකින් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් ඉන් එක් අයෙකුගේ පපු ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

KE – 2018 නැමැති මොටර් රථයකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවත් සඳහන්.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සැකකරුවන් මෙම බන්ධනාගාර බස් රථයේ ගමන් කළ බවත් සඳහන් වනවා. 

මෙසේ වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පාතාල නායකයෙකු බව කියන දෙමටගොඩ චමින්ද නැමැත්තා බවට හඳුනාගෙන තිබෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close