Breaking News
Home / Gossip / පෝල් වෝල්කර් නැති Fast and Furious 8ටේ නම වෙනස්වෙලා

පෝල් වෝල්කර් නැති Fast and Furious 8ටේ නම වෙනස්වෙලා

Fast and Furious කියන්නේ කවුරුත් ආසකරන චිත්‍රපට මාලාවක්නේ. මේ චිත්‍රපට මාලාවේ අලුත්ම තොරතුර තමයි මෙහි ඊළග චිත්‍රපට කොටස ඉදිරියේදී රිදී තිරයට පැමිණීම වගේම එහි නම වෙනස්වීම.

Fast and Furious චිත්‍රපට මාලාවේ අන්තිමටම ආපු කොටස නම් කරලා තිබ්බේ fast and furious 7 කියලයි. ඉදිරියේදී රිදී තිරයට එන්න නියමිත චිත්‍රපටය නම් කරලා තියෙන්නේ Fast 8 කියලයි.

ඔයාලට මතක ඇතිනේ Fast and Furious චිත්‍රපට මාලාවේ සුප්‍රසිද්ධම චරිතය වුනු පෝල් වෝල්කර්ගේ අභාවයත් එක්කම මේ චිත්‍රපටය සැබැවින්ම වෙනස් වෙනවා. ඒකට හේතුව පෝල් දරුණු රිය අනතුරකින් මියයාමයි.

fast and furious 7 චිත්‍රපටයේ අවසන් ජවනිකා වලට පෝල් නැතිවීමත් සමග පෝල්ගේ මල්ලි තමයි ඒ කොටසේ පෝල්ගේ චරිතයට පනපෙව්වේ.

ඒ අනුව බැලුවම Fast 8 චිත්‍රපටයේ වින් ඩීසල් පමණයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපාන්නේ.

වින් ඩීසල් Fast 8 චිත්‍රපටයේ පෝස්ටරයක් ඔහුගේ Instagram ගිණුම හරහා මුදාහැරලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය ලබන වසරේ අප්‍රේල් මස ලොව පුරා තිරගතවීමට නියමිතයි.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close