Breaking News
Home / Gossip / පොහොය අද නොවෙයි හෙට

පොහොය අද නොවෙයි හෙට

සම්මත දින දර්ශනයට අනුව මැදින් පුර පසළොස්වක පොහොය අදට නියම කර තිබුණත්, තාරකා විද්‍යාවට අනුව පොහොය යෙදෙන්නේ හෙට බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා 

එදිනට චන්ද්‍රග‍්‍රහණයක් ද යෙදී ඇති බවයි  විමසීමකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ. 

 
මේ සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ද විමසීමක් කළා. මේ, එහි ලේකම් වසන්ත ඒකනායක මහතා. 

 

“පොහොය කමිටුව විවිධ කරුණු කාරණා බලලා වඩා ගැලපෙන දිනය තමයි නිවාඩුව සහ පොහොය සම්බන්ධයෙන් වන ඒ කාරණා ප්‍රකාශයට පත්කරන්නේ.

 

දන්නා පරිදි චන්ද්‍ර මාස ක්‍රමය අනුව ගණනය කිරීම් කරලා පොහොය උදාවන, පොහොය ලබන වේලාවල් කියන එක සඳහන් කරනවා. ඒ අනුව තමයි සිල් ගන්නා වේලාව සහ ආගමික වතාවත් කිරීම සම්බන්ධයෙන් වන කරුණු කාරණා ගැන ප්‍රකාශයට පත්කරන්නේ.

 

මාස තුන හතරකට කලින්නේ ප්‍රකාශයට පත්කරන්නේ. නොගැලපෙන කමක් හෝ දිනයේ වැරැද්දක් ගැන අපට දැන්වීමක් නැහැ”.
පොහොය වත් පිළිවෙත් නියමිත පරිදි අද සිදුකෙරෙන බවද බුද්ධශාසන අමාත්‍යංශය මෙහිදී කියා සිටියා. 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close