Breaking News
Home / Gossip / පොලීසියට වැඩි කළ පඩි තාම නැහැ

පොලීසියට වැඩි කළ පඩි තාම නැහැ

රජය පොරොන්දු වූ පරිදි වැඩි කළ වැටුප  මෙම මාසයේදීත් පොලිස් දෙපාර්තමේන්තුවට එකතු කර නැතැයි වාර්තා වනවා. පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩි කරන බවට ප‍්‍රධාන මැතිවරණ දෙකකදීම රජය පොරොන්දු වී ඇතත් මේ දක්වා එය තවම ඉටුවී නැහැ.

පොලිස් නිලධාරින්ගේ ගිය මස වැටුපට අදාළ වැඩි කිරීම් එකතු කළයුතුව තිබුණත් එය සිදුකර තිබුණේ නැහැ. ඒ අනුව පෙබරවාරි මස වැටුපට අදාළ වැටුප් වැඩි කිරීම් සිදුකරන බවට රජය පොරොන්දු වුණා. ඒ සදහා පසුගිය අයවැයෙන් මුදල්ද වෙන් කෙරුණා. පොලිස් දෙපාර්තමේන්තුවට හෙට (25) දිනයේ වැටුප් ගෙවීමට නියමිතව ඇතත් මේ දක්වා අදාළ කටයුතු සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර අද කොළඹ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතික වෘත්තිය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පැවසුවේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම කඩිනමින් සිදුවනු ඇතැයි විශ්වාස කරන බවයි. ඊට අදාළ කැබිනට් අනුමැතියද ලැබී ඇතැයි ඔහු පැවසුවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close