Breaking News
Home / Gossip / පොලිස් ලොක්කෝ පෝලිමක් ලඟදීම අත්අඩංගුවට

පොලිස් ලොක්කෝ පෝලිමක් ලඟදීම අත්අඩංගුවට

උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග මත රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ගේ මරණය රිය අනතුරක් ලෙස විමර්ශණය කළ බවත්, උසස් පොලිස් නිලධාරීන් මෙම මරණය පිලිබදව වැඩිදුර පරීක්ෂණ සිදු නොකරන ලෙසට තමාට උපදෙස් ලබා දුන් බවත් නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා මහතා ප‍්‍රකාශ ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා ඇත.

එසේම, මෙම මනුෂ්‍ය ඝාතනය රිය අනතුරක් ලෙස හුවා දක්වමින් මනුෂ්‍ය ඝාතනයක් යටපත් කිරීමට උසස් පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුම කටයුතු කර ඇති බවත්, එකී පොලිස් නිලධාරීන් විසින් ගරු අධිකරණයටද අසත්‍ය කරුණු වාර්තා කරමින් නොමග යවමින් කටයුතු කර ඇති බවටද කරුණු අනාවරණය වී ඇති බවත් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ. 

සැලසුම් සහගත මනුෂ්‍ය ඝාතනයක් රිය අනතුරක් ලෙස හුවා දක්වමින් අසත්‍ය කරුණු ඉදිරිපත් කර විමර්ශන මෙහෙයවීමට උපදෙස් ලබාදී ඇති උසස් පොලිස් නිලධාරීන් අධිකරණයද නොමඟ යැවීමට කටයුතු කර ඇති බැවින් අදාළ උසස් පොලිස් නිලධාරීන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 32 වගන්තිය සමඟ කියැවෙන මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කළ හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් පවසා ඇත.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ වසීම් තාජුඩීන් ඝාතනයට ලක්වූ අතර එතැන් පටන් රාජපක්ෂ ආන්ඩුව පරාජයට පත්වන තුරුම එම ඝාතනය සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතා බවහක් ඇති වී තිබිණ. මෙම ඝාතනයට අදාළව රාජපක්ෂ පවුලේ පුත්‍රයින් දෙසට දැඩි චෝදනා එල්ල විය. කෙසේ නමුත් සමාජයේ පැවති බලවත් හඬ නැගීම මත වත්මන් පාලකයින්ට එම ඝාතනය සම්බන්ධ පරීක්ෂණ නැවත ආරම්භ කිරීමට සිදු වූ අතර මේ වනවිට එහි වැදගත් කරුණු රැසක් අනාවරණය කරගෙන තිබේ.

එසේ අනාවරණය කරගත් තොරතුරු අනුව මේ වනවිටත් එවකට සිටි සහ වත්මන් ඉහළ නිලයන් හි කටයුතු කරන පොලිස් නිළධාරීන් රැසකගෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූලික ප්‍රශ්න කිරීම් සිදු කර ඇත. පැවති ආණ්ඩුව ප්‍රබලම පවුලක දේශපාලන මැදිහත්වීමක් මත මෙම පරීක්ෂණ ඝාතනයක් නොය හදිසි අනතුරක් ලෙස හුවා දැක්වීමට කටයුතු කළ බව ඔවුන් පිළිගෙන ඇති අතර වැඩි දුර ප්‍රශ්න කිරීම් සිදු කිරීම සඳහා එම පොලිස් නිලධාරීන් නුදුරේදීම අත්ඩංගුවට ගැනීමට නියමිතය. 

ඒ අතර පොලිස් ක්ෂේත්‍රයේ ඉහළම තනතුරු දැරූ කිහිප පලක්ම ඉන්නා බවත් හිටපු එවකට කොළඹ බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත්වරයෙකු වන අනුර සේනානායක මහතාව ඉතා නුදුරේදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වේ.

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close