Breaking News
Home / Gossip / පොල් ගහන අතරේ දිනේෂ්ගෙ පොකට් එකටත් ගහලා

පොල් ගහන අතරේ දිනේෂ්ගෙ පොකට් එකටත් ගහලා

ඒකාබද්ධ විපක්‍ෂය මර්දනය කිරීමේ ආණ්‌ඩුවේ වැඩපිළිවෙළට එරෙහිව පොල් ගෙඩි ලක්‍ෂයක්‌ ගසා දේව කන්නලව්වක්‌ ඒකාබද්ධ විපක්‍ෂය විසින් සීනිගම දේවාලයෙදී අද සිදුකරනු ලැබුවා.

‍මේ සඳහා නාමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම, දිනේෂ් ගුණවර්ධන, විමල් විරවංශ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම සහභාගී වී සිටි අතර, පොල් ගැසීම සිදුවන අතරවාරයේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ, මාධ්‍යවේදියෙකුගේ හා තවත් කිහිප දෙනෙකුගේ මුදල් පසුම්බි සොරා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

එසේම අසල අවන්හලක තිබී දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා තවත් දෙදෙනෙකුගේ හිස් මුදල් පසුම්බි සොයා ගත් බව වාර්තා වේ.
ගුණවර්ධන මහතාගේ පොකැට්ටුව නැති වූ බව එහි ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පවසා ටික වේලාවකට පසුව හැඳුනුම්පත ආදිය පමණක් සහිතව පොකැට්ටුව සොයාගෙන ඇත.එහි කොපමණ මුදලක් තිබුනේ දැයි නොදනී.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close