Breaking News
Home / Gossip / පෙම්වතියට තෑගි කරන්න රන්බඩු හොරාගත් භික්ෂුව ඇල්ලූ හැටි

පෙම්වතියට තෑගි කරන්න රන්බඩු හොරාගත් භික්ෂුව ඇල්ලූ හැටි

දායිකාවකගේ නිවසට ඇතුළු වී රන් භාණ්ඩ සොරාගෙන තම පෙම්වතියට තෑගි කළ බව පැවසෙන භික්ෂුවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රිදීගම පොලීසිය මගින්.

මෙම භික්ෂුව ලක්ෂ 3කට අධික රන් භාණ්ඩ තොගයක් සොරාගෙන ඇති බව යි වාර්තා වන්නේ.

වැසී ගිය පන්සල් විවෘත කරමින් යන බව කියමින් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන ගණනාවක වාසය කර ඇති භික්ෂුවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර වැසී ගොස් තිබූ කිරිබත්ගල්ල, කන්දේගම විහාරස්ථානයට මෙම භික්ෂුව මීට මාසයකට පමණ පෙර පැමිණ එහි නැවතී තිබෙනවා.

විහාරස්ථානය අවට දායක දායිකාවන් මෙම භික්ෂුවට දානය සහ සෙසු පහසුකම් සපයමින් ඇප උපස්ථාන කර ඇති අතර භික්ෂුව අගෝස්තු මස 5 වැනිදා පන්සල ආසන්නයේ පිහිටි දායිකාවකගේ නිවෙසකට පැමිණි අවස්ථාවේ නිවෙසට කැඳවා ගිලන්පස පිළිගන්වා ඇති බව පැවසෙනවා.

දායිකාව දැහැත් පිළිගැන්වීම සඳහා බුලත් කොළයක් කඩාගැනීමට නිවස පිටුපසට ගොස් ඇති අතරවාරයේ කිසිවකුත් නොසිටි නිවසේ කාමරයකට ඇතුළු වී එහි අල්මාරියක තැන්පත් කර තිබූ රන් ආභරණ පෙට්ටියක් සොරාගෙන සිවුරෙහි සඟවාගත් භික්ෂුව නිවසින් පිටවී ගොස් තිබෙනවා.

ඉන් දින කිහිපයකට පසුව එම භික්ෂුව කන්දේගම විහාරස්ථානයෙන් අතුරුදන් වී ඇති අතර ඒ පිළිබඳව සැක පහළ කළ අදාළ කාන්තාව තම රන් ආභාරණ පෙට්ටිය පිළිබඳ සොයා බැලීමේ දී දැක ඇත්තේ එය තිබූ ස්ථානයේ නොමැති බව යි.

භික්ෂුව ගම්වාසීන්ට ලබා දී තිබූ ජංගම දුරකතන අංකයක් ඔස්සේ පරීක්ෂණ මෙහෙය වූ පොලීසියට, මල්ගොල්ල ප්‍රදේශයේ පිහිටි කඳුකර විහාරස්ථානයක සැඟවී සිටි භික්ෂුව අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.

ප්‍රශ්න කිරීමේ දී භික්ෂුව පවසා ඇත්තේ සොරාගත් රන් භාණ්ඩ මාතලේ, නාඋල ප්‍රදේශයේ වාසය කරන තම පෙම්වතියට තෑගි කළ බව යි.

පසුව භික්ෂුවගේ පෙම්වතිය ද අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇය සන්තකයේ තිබූ සොරකම් කළ රන් භාණ්ඩ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඇය 52 හැවිරිදි කාන්තාවක්.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close