Breaking News
Home / Gossip / පිත්තල හන්දියේ බෝම්බය ගෝඨාම අටවා ගත් එකක්.මෙන්න සාක්ෂිත් එක්කම

පිත්තල හන්දියේ බෝම්බය ගෝඨාම අටවා ගත් එකක්.මෙන්න සාක්ෂිත් එක්කම

අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගිය 03 වෙනිදා පාර්ලිමේන්තුවේදී ගෝඨාභයට එල්ල වූ පිත්තල හන්දියේ බෝම්බය ඔහු විසින්ම අටවා  ගත් එකක් යනුවෙන් කරන ලද හෙලිදරව්වට අදාල තවත් සාක්කි  ලැබෙමින් පවතී.

ෆීල්ඩ් මාර්ෂල් වරයා පිත්තල හන්දියේ බෝම්බය සම්බන්ධයෙන් කීවේ ත්‍රස්තවාදීන් මිටර් 25 ක් ඈත තියා බෝම්බයක් පත්තු නොකරන බවත් වෙඩි නොවදින වාහනයකට බෝම්බයක් ගහන්න තරම් ත්‍රස්තවාදීන් මෝඩ නැති බවයි. එනම් බෝම්බය පුපුරා තිබුනේ ගෝඨාභයගේ රථයට මීටර් 25 ක් ඈතිනි. 

වාර්තා වන පරිදි එදින ගෝඨාභය ගමන් කළ වෙඩි නොවදින රථය තුල ‘ගෑස් ආරක්ෂිත මුහුණක්‘ හෙවත් ‘ගෑස් මාස්ක්‘ එකක් තිබී ඇත. සාමාන්‍යයෙන් ගෝඨාභය ගමන් කරන රථයේ එවැනි ගෑස් මාස්ක් එකක් ගෙන යන්නේ නැති වුවද එදින ගෙන ගොස් තිබේ. අනෙක් අතට එම ගෑස් මාස්ක් එක පිලිබඳ වාර්තා තබා නැත. සෑම වීඅයිපී පුද්ගලයෙකුගේම රථයේ ආරක්ෂාවට ගෙන භාණ්ඩ සම්බන්ධයෙන් අදාල පුද්ගලයාගේ ආරක්ෂාව පිලිබඳ වග කිව යුතු ආරක්ෂකයන් වාර්තාවක් තබා ගැනීම කළ යුතුම දෙයක් නමුත් එදින ගෝඨාභයගේ රථයේ තිබී හමු වූ ගෑස් මාස්ක් එක ගැන ආරක්ෂකයන් වාර්තා තබා නැත. ඉන්පසුව කිසි දිනෙක ද ගෝඨාභයගේ රථයේ ගෑස් මාස්ක් එකක් ගෙන ගොස්  ද නැත.    

ඉන් ගම්‍ය වන්නේ ගෝඨාභය එදින බෝම්බ පිිපිරීමකට රහසින්ම සූදානමින් සිටි බවකි. මේ අනුව ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ හෙලිදරව්ව ගැන පරීක්ෂණයක් කළ යුතුම ය. 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close