Breaking News
Home / Gossip / ප්‍රසන්න සියනෑවේ විප්ලවයට සුදානම්

ප්‍රසන්න සියනෑවේ විප්ලවයට සුදානම්

මිනුවන්ගොඩ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ආසන සංවිධායක ධූරයෙන් නෙරපූ ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග මහතා සිය දේශපාලන ස්ථාවරය සහ ඉදිරි පියවර පිලිබද විශේෂ ප‍්‍රකාශයක් ලබන ඉරිදා(06) සිදු කිරීමට නියමිතය.

ප‍්‍රසන්න රණතුංග මහතාට සමීප ආරංචි මාර්ග සදහන් කලේ. එදින උදෑසන 9.00ට රණතුංග මහතාගේ උඩුගම්පල නිවසේදී විශේෂ රැස්වීමක් පැවැත්වෙන බවයි. මෙම රැස්වීමට රණතුංග මහතාගේ ආධාරකරුවන්ට සහ කි‍්‍රයාකාරීන්ට ආරාධනය කර තිබේ. මෙම රැස්වීම සදහා පැමිණෙන්නැයි ගම්පහ දිස්ති‍්‍රක්කයේ හිටපු පළාත් පාලන මන්තී‍්‍රවරුන්ටද රණතුංග මහතා ආරාධනය කර තිබේ. ඊට අමතරව ප‍්‍රදේශයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ කාන්තා, තරුණ හා ශාඛා සංවිධාන වලටද ආරාධනය කර ඇත.

ප‍්‍රසන්න රණතුංග මහතා මිනුවන්ගොඩ ආසන සංවිධායක ධූරයෙන් ඉවත්කලේ පසුගිය 29 වනදායි. ඔහුව ඉවත් කිරීමට විරෝධය පල කරන බවත්, නව සංවිධායකවරයා පිලි නොගන්නා බවත්,  මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සහ නගර සභාවේ මන්තී‍්‍රවරුන් සහ මිනුවන්ගො ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම සංවිධානයද සදහන් කර තිබේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close