Breaking News
Home / Gossip / ප්‍රංශයට ත්‍රස්ත ප්‍රහාරයක්

ප්‍රංශයට ත්‍රස්ත ප්‍රහාරයක්

දකුණුදිග ප්‍රංශයේ නීස් හි පැවති උත්සවයකදී ට්‍රක් රථයක් ජනතාව යට කරමින් ධාවනය කරවීම නිසා පුද්ගලයන් 75කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවත් ප්‍රංශ බලධාරීහු පවසති.

ප්‍රංශයේ සුවිශේෂී නිවාඩු දිනයක් ලෙස සැලකෙන බැස්ටයිල් සැමරුම නැරඹීමට පැමිණි ජනතාව ගිණිකෙළි සංදර්ශනය නරඹමින් එහාමෙහා ගමන් කරමින් සිටියදී, මෙම ට්‍රක් රථයේ රියදුරා එහි වේගය වැඩි කරමින් වීදියේ සිටි විශාල ජනකාය මතින් ඉතා අමානුෂික ලෙස එය ධාවනය කර ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

කෙසේ වෙතත්, ප්‍රංශ පොලීසිය විසින් එහි රියදුරා වෙඩි තබා ඝාතනය කරමින් සිදුවීමට ගිය තවත් මනුෂ්‍ය සංහාරය වළක්වාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

එම ට්‍රක් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී, ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇති බවත්, මෙය සැලසුම්සහගත ත්‍රස්ත ප්‍රහාරයක් බවත් ප්‍රංශ බලධාරීහු පවසති.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close