Breaking News
Home / Gossip / පළාත් පාලන සභාපති ‘පරිහරණය කළ සිය වෙනි කාන්තාව වෙනුවෙන්’ සමරු උත්සවයක් තබලා

පළාත් පාලන සභාපති ‘පරිහරණය කළ සිය වෙනි කාන්තාව වෙනුවෙන්’ සමරු උත්සවයක් තබලා

ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා පැවති ආණ්ඩුවේ ඇතැම් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ අයහපත් දූෂිත ක්‍රියා කලාපය රුකුලක් වූ බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

තමා සතු බලතල සහ සීමා පිළිබඳ අවබෝධයක් නොමැතිව කටයුතු කරන පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ ක්‍රියාකලාපය ආණ්ඩුවක ඉදිරි පැවැත්මට බලපෑමක් ඇති කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

පාලන ආයතනවල වර්තමාන කාර්යභාරය සහ ඒ හමුවේ ඇති අභියෝග පිළිබඳ පැවති සමුළුවක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ ඇතැම් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් පැවති ආණ්ඩුව ජනතාව අතර පිරිහීමට ලක් වූ බවයි.

 

”එක්තරා සභාපතිවරයෙක් තමන් පරිහරණය කරපු සිය වෙනි කාන්තාව පිළිබඳ සමරු උත්සවයක් තිබ්බා.”

”විදේශීය කාන්තාවක් දූෂණය කරලා ස්වාමියා මරා දැමූ තවත් සභාපතිවරයකු පක්ෂයෙන් අස් කරලා ලිපියක් යැවූ විට සුසිල්ටත් මටත් රජ ගෙදරට එන්න කියලා ඇහුවා කාගෙන් අහලද මගේ සභාපතිවරයා අස් කළේ කියලා, වහාම අස්වීමේ ලිපිය ආපසු ගෙන්වා ගන්න කිව්වා’

 

”එකතරා පළාත් පාලන ආයතනයක සභාපතිවරයකු ගැන විනය පරීක්ෂණයක් කළ යුතු බව මම ඒ කාලේ නායකතුමාට කිව්වහම මට දුන්න උත්තරේ තමයි, පිස්සුද? ගෙදරකට ගලක්වත් ගහන්න ඉන්නේ මට ඔය මනුස්සයා විතරයි කිව්වා”

 

අගමැති ධුරය නොලැබුණු බැවින් තමා පැවති ආණ්ඩුවෙන් ඉවත් වූ බව ඇතැමුන් පැවසුවත් පැවති ආණ්ඩුවේ නායකත්වය හා ඇති වූ ප්‍රතිපත්තිමය ගැටුම් හේතුවෙන් තමා ඉන් ඉවත් වූ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

 

(BBC)

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close