Breaking News
Home / Gossip / ‘පළමුව අයිතිවාසිකම් දෙවනුව අන්තර් විවාහ’

‘පළමුව අයිතිවාසිකම් දෙවනුව අන්තර් විවාහ’

ව්‍යවස්ථානුකුලව දෙමළ ජනතාවට හිමිවිය යුතු අයිතිවාසිකම් ලබා දී ඉන් පසු අන්තර් විවාහ සිදු කර ගත හැකි බව උතුරු පළාත් මහ ඇමති සිවි විග්නේශ්වරන් පවසයි.

උතුරු පළාතේ නව ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සිය ධුරයේ වැඩ භාර ගනිමින් ජාතීන් අතර අන්තර් විවාහ සිදු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අතර එයට ප්‍රතිචාර දක්වමිනුයි උතුරු පළාත් මහා ඇමතිවරයා මෙම ප්‍රකාශය සිදු කළේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සහභාගි වූ යාපනය මධ්‍ය මහා විද්‍යාල කි්‍රඩාංගණයේ පැවැති 09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය අමතමිනුයි මහ ඇමතිවරයා එම අදහස පළ කළේ.

‘මම අන්තර් විවාහ වලට විරුද්ධ නැහැ, මගේ දරුවෝ දෙන්නත් බැඳලා ඉන්නේ සිංහල කාන්තාවන්, නමුත් දෙමළ ජනතාවට ව්‍යවස්ථාවෙන් ඇති අයිතිවාසිකම් ලබා දී ඉන් පසු අන්තර් විවාහ කර ගන්න පුළුවන්’ මහ ඇමතිවරයා කියා සිටියේය.

මෙම උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසුවේ රටේ ජනතාව එක් කිරීමට නම් මුලින්ම කළ යුත්තේ රටේ දරුවන් එක් කිරීම බවයි. ඒ සඳහා බාල දක්ෂ ව්‍යාපාරයෙන් පුළුල් මෙහෙවරක් ඉටු කෙරෙන බවත් ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරිමේදී මෙන්ම වෛරය ක්‍රෝධය තුරන් කර සාමය සහ සහජීවනය ගොඩනැගීමේ දී බාල දක්ෂ ව්‍යාපාරය මහඟු පිටු වහලක් වන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

උතුරේත් දකුණේත් සියලු දරුවන්ගේ ඇඟේ දුවන්නේ එකම ලේ බව පැවසූ ජනාධිපතිතුමා ජාති ආගම් වර්ග ඛේදයකින් තොරව රට ගොඩනගන්න සියලු දෙනා එක්විය යුතු බවයි සඳහන් කළේ.

දෙස් විදෙස් බාල දක්ෂයින් 10,000 ක් පමණ එක්ව සිටින මෙම බාලදක්ෂ ජම්බෝරිය ජාති ආගම් කුල බේද වලින් තොරව ළමා පරපුර යහමගට යොමු කිරිමේ අපේක්ෂාවෙන් මිත‍්‍රත්වය හා අවබෝධය යන තේමාව යටතේ සංවිධානය කර තිබේ.

යාපනය දිස්ති‍්‍රක්කයේ බාල දක්ෂ කි‍්‍රයාකාරකම් ආරම්භ කර වසර සියයක් පිරීම නිමිත්තෙන් සංවිධාන කළ දිස්ති‍්‍රක් බාල දක්ෂ සේවා සැමරුම ද මීට සමගාමීව සිදුකෙරෙන බවයි ශ්‍රී‍්‍ර ලංකා බාලදක්ෂ සංගමය ප‍්‍රකාශ කළේ. ජම්බෝරියේ සමාප්ති උත්සවයට අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close