Breaking News
Home / Gossip / පක්ෂය රැකගන්න-එජාපයට එක්වුණා

පක්ෂය රැකගන්න-එජාපයට එක්වුණා

පක්ෂය රැකගැනීම සඳහා  එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය ඩබ්ලිව්.ඩි.ජේ.සෙනෙවිරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය රජයේ සිදුවූ ඇතැම් වැරදි ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය මැතිවරණ වල දී පරාජයට පත් වු බවයි.

 රත්නපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍ය  ඩබ්ලිව්.ඩි.ජේ.සෙනෙවිරත්න මහතා මෙම අදහස් පළකර තිබේ.

මීට අමතරව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට වර්තමානයේ අත්ව ඇති ඉරණමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් වගකිව යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් වත්මන් ආණ්ඩුව වෙනස් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

පක්ෂය තුළ පවතින දේශපාලන අර්බුදය හේතුවෙන් දේශපාලනයේ රැදී සිටීම පිළිබඳව ඉදිරියේ දී තීන්දුවක් ගන්නා බව විදුර වික්‍රමනායක මහතා පවසයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close