Breaking News
Home / Gossip / නෙළුම් මලෙන් මධ්‍යම කාරක සභාව උණුසුම් වෙයි

නෙළුම් මලෙන් මධ්‍යම කාරක සභාව උණුසුම් වෙයි

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ඊයේ (02) පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.

සුමිත් ලාල් මෙන්ඩිස් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගෙන් ඇසූ ප‍්‍රශ්නයක් සමග මෙම උණුසුම් වචන හුවමාරුව සිදුවූ බවයි ඊට සහභාගි වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද යාපා අබේවර්ධන මහතා කියාසිටියේ.

නෙළුම් මල ලකුණ යටතේ වූ ලියුමකින් කළුතර ප්‍රදේශයේ රැස්වීමක් සඳහා සහභාගී වන්න යැයි ආරාධනයක් ලැබී ඇති බවට සුමිත් ලාල් මෙන්ඩිස් මහතා මෙහිදී විමසා තිබෙනවා. එය පක්ෂයක් යැයිද විමසා තිබෙනවා.

ඊට ප්‍රතිචාර දක්වමින් කුමාර වෙල්ගම මහතා සඳහන් කර තිබෙන්නේ නෙළුම් මලක් කෙසේද පක්ෂයක් වන්නේ යනුවෙනි. මේත් සමගම සිද්ධිය උණුසුම් වචන හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබූ බවත්  පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවා. 

එහිදී කුමාර වෙල්ගම මහතා වැඩි දුරටත් පවසා ඇත්තේ මෙවැන්නකි,

” අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාවත් අතහැර දැමූ නැති අය. අපි පරණ ශ්‍රී ලංකා කාරයෝ..කවදාවත් අපි පක්ෂයට විරුද්ධව ගිහින් නැහැ. එහෙම යන්න බලාපොරොත්තුවකුත් නැහැ. ජනාධිපතිතුමාගෙන් ලකුණු දාගන්න ..මේ ඊයේ පෙරේදා පක්ෂයට ආපු එවුන් තමයි මේවා සේරම හදන්නේ..”

 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close