Breaking News
Home / Gossip / නිදහස් පක්ෂයේ තවත් 56 ක් සංවිධායක ධූරවලින් ඉවතට

නිදහස් පක්ෂයේ තවත් 56 ක් සංවිධායක ධූරවලින් ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ  පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 56 දෙනකු ඉදිරියේදී සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇත. සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට යෝජිත පිරිස හා විනය පරීක්ෂණ පවත්වන සියලුදෙනා මහින්ද සමග නැගිටිමු ව්‍යාපාරයේ කටයුතු කරන පිරිසකි. ගිය සතියේදී මන්ත්‍රීවරුද ඇතුළු ආසන සංවිධායකයින් පිරිස් හා එම තනතුරුවලින් ඉවත් කර තිබුණි.
ආසන සංවිධායක ධුරවලින් ඉවත් කරනා පිරිස වෙනුවට පත් කළ යුතු අය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, පක්ෂ මහ‍ලේකම් දුමින්ද දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා. එස්.බි. දිසානායක, සරත් අමුණුගම, මහින්ද අමරවීර යන මැති ඇමැතිවරු ලබන සතියේ අග හමුවී තීරණයක් ගැනීමට නියමිතය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close