Breaking News
Home / Gossip / නැගෙනහිර මහ ඇමතිගෙන් ජනපතිට ලිපියක්.සමාව ගන්නම්ලු

නැගෙනහිර මහ ඇමතිගෙන් ජනපතිට ලිපියක්.සමාව ගන්නම්ලු

සාම්පූර් පාසල් උත්සවයක දී නාවික හමුදා නිලධාරියකු සමඟ ඇති වූ අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ මහඇමති නසීර් අහමඩ් එම සිද්ධිය වූ අවස්ථාවේ එහි සිටි සියලු දෙනා වෙත සිය කනගාටුව පළ කර තිබෙනවා.
ඒ  ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත කරුණු පැහැදිලි කරමින් ලිපියක් යොමු කරමින්.
සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් සමාව ඉල්ලා සිටිය යුතු අතර තමාත් එම නාවික හමුදා නිලධාරියා ඇතුළු සියලු පාර්ශ්ව කෙරෙහි කනගාටුව පළ කිරීමට සහ සමාව ඉල්ලීමට පසුබට නොවන බවයි එම ලිපියේ දැක්වෙන්නේ.
උත්සවය සංවිධානය කෙරුණ පාසල පළාත් සභාවට අයත් වූ පාසලක් බව පෙන්වා දෙන නැගෙනහිර පළාතේ මහඇමති නසීර් අහමඩ් එම උත්සවය තුළ අනුගමනය කෙරුණ ක්‍රමවේදය ගැටලු සහිත බවද සදහන් කර තිබෙනවා. .
තමා සහ පළාත් අධ්‍යාපන ඇමතිවරයා එම උත්සව භූමියට පැමිණ සිටියත් එහි නිවේදන කටයුතු වල නිරත වූ ඉංග්‍රීසි විෂය භාර ගුරුවරයා සෙසු අමුත්තන්ගේ නම් නිවේදනය කළත් තමන් දෙදෙනාගේ නම් සඳහන් නොකළ බවයි මහ ඇමතිවරයා පවසන්නේ.
අනුගමනය කළ යුතුව තිබුණ නිල මට්ටමේ ක්‍රමවේදය පැහැර හරිනු ලැබීම සම්බන්ධයෙන් තමා නැගෙනහිර පළාතේ ආණ්ඩුකරුට දෝෂාරෝපණය කළ බවයි එම ලිපියේ දැක්වෙන්නේ.
එහි අනුගමන කෙරුණ කාර්ය පටිපාටිය මගින් විදේශීය අමුත්තන් ඉදිරියේ තමාට අවමන් කරන ලදැයි හැඟීමක් ඇති වූ බවයි මහ ඇමතිවරයා පවසන්නේ.
ඒ අතරම තමා සහභාගී වෙන උත්සව වර්ජනය කිරීමට ත්‍රිවිධ හමුදා නිලධාරීන් විසින් ගනු ලැබ ඇති තීරණය ආරක්ෂක අංශ විසින් ගනු ලැබ ඇති දේශපාලන තීන්දුවක් හැටියටයි නැගෙනහිර පළාතේ මහඇමති නසීර් අහමඩ් විසින් විග්‍රහ කරනු ලැබ තිබෙන්නේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close