Breaking News
Home / Gossip / නාමල් හෙට අත්අඩංගුවට

නාමල් හෙට අත්අඩංගුවට

පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවස අන්දමට, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා හෙට අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත. FCIDය කළ පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවෙනු ඇති. අල්ලස් කොමිසම ඉදිරියේ පෙනී සිටිමින් අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමට කටයුතු නොකීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් පසුගිය 30දා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරා. පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත්තේ, අල්ලස් කොමිසමේ දැනුම්දීම අනුව කටයුතු නොකර එය මඟහැරීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ කොමිසමට අපහාසයක් සිදුකර තිබේද යන්න විමසා බලන ලෙස‍යි.

එම පෙත්සමේ සඳහන් වෙන්නේ, නාමල් රාජපක්ෂ මහතා අයථා අන්දමින් වත්කම් උපයාගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව ඒ සම්බන්ධ විමර්ශන ඇරැඹූ බවයි. පෙත්සමේ සඳහන් වෙන අන්දමට, සිය වත්කම් සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශයක් 2016 ජනවාරි මස 20 දින හෝ ඊට පෙර ලබාදෙන‍ ලෙස 2015 දෙසැම්බර් 14 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී ඇත. ප්‍රකාශ ලබා දීමට මාර්තු මස 15 දා තෙක් කල් ලබාදෙන ලෙස නාමල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව කාලය ලබාදුන්නද එදිනද ඔහු දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර නැත. මැයි මස 25 දින කොමිසම හමුවේ පෙනී සිටින ලෙස පැවසුවත්, ඔහු එයත් මග හැර ඇත.

මේ සම්බන්දව කළුතරදී පැවති ජන හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසා සිටියේ, තමන් වැනි පුංචි කොල්ලෙකුට විරැද්දව අල්ලස් කොමිසම සුප‍්‍රීම් උසාවියේ නඩු දැමීම තමන්ට ගෞරවයක් බවයි. ඔහු ආණ්ඩුවට අභියෝග කර ඇත්තේ, තමනට හා තම සහෝදරයන්ට ඇති බව කියූ හෙලිකොප්ටර්, ලැම්බොගිනි, රත්තරන් අශ්වයන් හැකි ඉක්මනින් අල්ලාගෙන පෙන්වන ලෙසයි.

”මේ ආණ්ඩුව විසින් අල්ලස් කොමිසම සිරිකොතේ ශාඛාවක් කරලා. එම කොමිස ඒකාබද්ධ විපක්ෂය මර්ධනය කිරීමේ මධ්‍යස්ථානයයි. ඕකෙන් හිරේ දාන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අය විතරයි” බවත් ඔහු සඳහන් කර ඇඇත. ‘ඉස්සර කිවුවේ මේ දිගටම නියෙන්නේ නාමල්ගේ හෝටල් කියලයි. ඒත් ඒ කියපු හෝටල්වලට මමත් අද ගියාම බිල ගෙවනවා. මං හැදුවයි කියපු හම්බන්තොට හෝටලයක් මේ ගොල්ලෝ ගිහින් විවෘත කළේ ලැජ්ජා නැතිව” ඔහු වැඩිදුරටත් පවසා ඇත.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close