Breaking News
Home / Gossip / නාමල් රේඩියෝවකින් කළු සල්ලි සුදු කරලා

නාමල් රේඩියෝවකින් කළු සල්ලි සුදු කරලා

මුදල් විශුද්ධිකරණය කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂගේ මෙහෙය වීම මත පවත්වාගෙන ගිය ගුවන් විදුලි නාලිකාවක් පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

2008 මැයි මස 16 වන දින ඊට අදාළ බලපත‍්‍රය නිකුත් කෙරී ඇති අතර බලපත‍්‍රය ලබාගෙන ඇත්තේ ගුවන් විදුලි සේවාවක් සහ රූපවාහිනී සේවාවක් පවත්වාගෙන යාම වෙනුවෙනි. Vis Broadcasting Network Pvt Ltd නම් සමාගම අදෘශ්‍යමාන රේඩියෝවකින් කළු සල්ලි සුදු කරලා සඳහා ඇති ලිපින දෙකක් පිළිබඳව දැනටමත් පරීක්ෂණ ආරම්භ කෙරී ඇත. එක් ලිපිනයක් අංක 366 බී, පයිප් පාර, කොස්වත්ත, බත්තරමුල්ල ය. අනෙක් ලිපිනය අංක 17 ඒ, ඕෂන් ටවර්, දුම්රියපොළ පාර, කොළඹ 00400 යන ලිපිනයයි.

Vis Broadcasting Network Pvt Ltd සමාගමේ සමාගම් ප‍්‍රධානියා ලෙස නාමල් රාජපක්ෂගේ ඥාතිවරියක වන රංගනී හෙට්ටිආරච්චි නමැත්තිය කටයුතු කර ඇත. පරිපාලන කටයුතු සඳහා නිශාන්ත රණතුංග මහතා මැදිහත් වී ඇති බවත් මේනක ලියනගේ, කස්සප සෙනරත් ඇතුළු පුද්ගලයන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කර ඇති බවත් හෙළි වී ඇත. Vis Broadcasting Network Pvt Ltd සමාගම 2011 වසරේ සී.එස්.එන්. නාලිකාව, සිංහ FM, Red FM යන රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති බව ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන ඇත. Vis Broadcasting Network Pvt Ltd සමාගමට අයත් ගුවන් විදුලි නාලිකාව මුදල් විශුද්ධිකරණයේ යෙදුණු බවට කරන චෝදනාව සම්බන්ධයෙන් එහි ක‍්‍රියාකාරිකයකු වූ කස්සප සෙනරත් මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ දැනට පරීක්ෂණයක් ආරම්භ කර ඇති නිසා ඒ සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බවයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close