Breaking News
Home / Gossip / නාමල්ට එරෙහිව පැමිණිලි කිරීමට වසන්ත සමරසිංහට බැරිද?හොර පෙරකදෝරුවන්ට වසන්ත පිළිතුරු දෙයි (Video)

නාමල්ට එරෙහිව පැමිණිලි කිරීමට වසන්ත සමරසිංහට බැරිද?හොර පෙරකදෝරුවන්ට වසන්ත පිළිතුරු දෙයි (Video)

මාතෘ භූමියේ වටිනා ඉඩම් විදේශිකයන්ට විකිණීමේදී නාමල් රාජපක්ෂ විසින් කෝටි ගණනින් කොමිස් හෝ කප්පම් ලබා ගැනීම සාධාරණය කරමින් නාමල් අත් අඩංගුවට ගත්තේ දේශපාලන පලිගැනීමට යැයි කීමට රාජපක්ෂ චෞරවාදීන් අපූරු හේතුවක් කියති. එනම් නාමල්ට එරෙහි පැමිණිල්ල කෙළේ අදාල පාර්ශව නොව වෙනත් පාර්ශවයක දේශපාලනඥයෙකු වන වසන්ත සමරසිංහ බවයි. 

ඔවුන් කියන්නේ කොමිස්/කප්පම් ගැනීමේදී කොමිස්/කප්පම් ගෙවන්නා හෝ ලබන්නා හෝ අයෙක් පැමිණිලි කළ යුතුය. වෙනත් පාර්ශවයකට පැමිණිලි කළ නොහැක. රාජපක්ෂ පියා මෙන්ම පුතා ද හොර පෙරකදෝරුවන් බව ඔප්පු කිරීමට වෙනත් හේතු අවශ්‍ය නැත. මෙම ගොබ්බ තර්කයම ඇතිය.

අනෙක් අතට නාමල් රගර් ක්‍රීඩාව සඳහා ක්‍රිස් සමාගමෙන් කෝටි 7 ක මුදල ලබා ගත්තේ නම් එය රගර් ක්‍රීඩා සමාජයක නමින් නොගෙන පුද්ගලික ව්‍යාපාරිකයෙකු වූ  නිමල් පෙරේරාගේ පුද්ගලික ගිණුමකට දා ගත්තේ ඇයි.? හොරකම එතැනදීම මාට්ටු ය. 

ලංකාවේ නීතිය අනුව අපරාධයක් වැළැක්වීමට ඕනෑම පුරවැසියෙකුට අයිතියක් ඇත. කොටින්ම කියන්නේ නම් මහ පාරේ දී කිසියම් පුද්ගලයෙකු තවත් අයෙකුට පිහියෙන් අනිනවා දුටුවේ නම් අපරාධකරුවා මෙල්ල කිරීමට ගොස් අපරාධකරුවා තමා අතින් මිය ගියද තමන් මිනීමැරුම් චෝදනාවට ලක්නොවේ. ඒ අපරාධයක් වැළැක්වීමට ඕනෑම පුරවැසියෙකුට තිබෙන අයිතිය අනුව ය. වසන්ත සමරසිංහද  කර තිබෙන්නේ නාමල් රාජපක්ෂ කළ අපරාධයකට එරෙහිව පැමිණිලි කිරීම ය. එය වසන්ත සමරසිංහ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු නොවූවද ඔහුට ඇති අයිතියකි. 

අද දහවල් නාමල් විසිටිං ගොස් එන අතරේ දිනේෂ් ගුණවර්ධන නමැති අකලට වියපත් වූ දේශපාලනඥයා ඉහත කී හොර පෙරකදෝරුවන්ගේ තර්කයම නැගුවේය. දිනේෂ් ගුණවර්ධනගේ චෝදනාවට වසන්ත සමරසිංහ පිළිතුරු දෙමින් කියා සිටියේ ඔවුන් දූෂණ විරෝධී හඬ හදන විට එෆ්සීඅයිඩිය පවා බිහි වී නොමැති බවයි. වැරදි සිදුකළ වුන්ට දැන් ‘කුම්බලා මාලු කෑ බළලාට සිදුව ඇති දේ‘ වී ඇතැයිද වසන්ත සමරසිංහ පැවසීය.

දිනේෂ්ගේ ප්‍රකාශය සහ වසන්තගේ පිලිතුර ඇතුලත් පහත ඇති වීඩියෝව බලන්න 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close