Breaking News
Home / Gossip / නාමල්ගේ ආච්චිගේ ඉඩම් ගනුදෙනු එළියට.රෝහිත එක්කෙනෙක්ව අගහරු අරන් යන්නත් පොරොන්දු වෙලා

නාමල්ගේ ආච්චිගේ ඉඩම් ගනුදෙනු එළියට.රෝහිත එක්කෙනෙක්ව අගහරු අරන් යන්නත් පොරොන්දු වෙලා

යෝෂිත රාජපක්ෂ මහතාට අයත් බවට සැක කළ ගල්කිස්ස මිහිඳු මාවතේ අංක 173/2 දරන සිව්මහල් නිවස සහ ඉඩම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ මූලික විමර්ශන අවසන් කර ඇතැයි වාර්තා වේ.

අදාළ විමර්ශනයේ දී ඉඩම් අත්පත් කර ගැනීම, පැවරීම සහ මුදල් යෙදවීම පිළිබඳව තොරතුරු රැසක් මූල්‍ය අපරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන ඇත. යෝෂිතගේ බාල සොහොයුරු රෝහිත රාජපක්ෂගේ සහායකයෙක් වන ඇන්ඩෲ නමැත්තා විසින් මෙම දූෂිත ඉඩම් ගනුදෙනුව හා එය යටපත් කිරීමට ගත් උත්සාහය සම්බන්ධව තොරතුරු රැසක් ද හෙළිදරව් කර ඇත. යෝෂිතගේ ඉඩම් ගනුදෙනුවට සම්බන්ධ ඔහුගේ මිත්තණිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම වැළැක්වීම සඳහා දෙහිවල ප‍්‍රදේශයේ නිවසක ඇයව රඳවාගෙන තිබිණි. එමෙන්ම ඇයගේ ලිපිනය ලෙස නාරාහේන්පිට සයිලන්සර් වත්තේ ඇන්ඩෲගෙ නිවසේ ලිපිනය මුලින් ත්‍ක්‍ෂෘ යට ලබා දී තිබිණි. රාජපක්ෂ පවුලේ සමීපතමයකු වූ ඇන්ඩෲ, රාජපක්ෂ පවුලේ විදෙස් සංචාර සඳහා ද සහභාගි වී ඇත. ඊට අදාළ සාක්ෂි මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ද සොයාගනු ලැබ ඇත. රාජපක්ෂ පාලන සමයේ දී යෝෂිතගේ මිත්තණියට රැකවරණය සලසා ඇත්තේ ඇන්ඩෲ නමැත්තාය. ඒ වෙනුවෙන් ඔහුව අඟහරු වෙත කැඳවාගෙන යන බවට රෝහිත රාජපක්ෂ විසින් පොරොන්දු වී ඇත. ඇන්ඩෲ ඒ පිළිබඳව සිහින දකිමින් සිටි බවත් තම ඥාතීන්ට ඒ වෙනුවෙන් විශේෂ දැනුම් දීමක් කර ප‍්‍රියසාද පැවැත්වූ බවත් ඔහු විසින් පොලීසියට ප‍්‍රකාශ කර ඇත. අඟහරු යාමට මහත් බලාපොරොත්තු තබාගෙන සිටි තමා චීන සංචාරයකට පමණක් කැඳවාගෙන ගිය බවත් ඇන්ඩෲ විසින් පවසා ඇත.

ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණයේ අංක 828/16 යටතේ ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය යෝෂිත රාජපක්ෂ මහතාට අයත් ඉඩම සහ නිවස පිළිබඳ විමර්ශන ආරම්භ කළේය

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close