Breaking News
Home / Gossip / නව මහ බැංකු අධිපති ‘ඇමති නිර්දේශයෙන් පසුව’

නව මහ බැංකු අධිපති ‘ඇමති නිර්දේශයෙන් පසුව’

මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය ලැබීමෙන් අනතුරුව අගමැතිවරයා සමඟත් සාකච්ඡා කොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට නව අධිපතිවරයකු පත් කරනු ඇති බව වාර්තා වේ.

මහ බැංකු අධිපතිවරයකු පත්කිරීමේදී මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශයද අවශ්‍ය බැවින් දැනට විදේශගතව සිටින මුදල් අමාත්‍යවරයා සිය රට පැමිණෙන තුරු එය පමාකිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි, බීබීසී සංදේශයට වාර්තා වෙන්නේ.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ ධුර කාලය ජුනි 30 වැනි දින අවසන් වූ අතර, බදාදා දිනය ඇතුලත නව මහ බැංකු අධිපතිවරයා නම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එදින උදය වරුවේ බදුල්ලේදී ජනතාව අමතමින් කියා සිටියේය.

ඉන් පැය කිහිපයකට පසුව ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මහ බැංකුව වෙත පැමිණ සාකච්ඡාවකද නිරත වූ නමුත් නව මහ බැංකු අධිපතිවරයා පත්කිරීම පිළිබඳව එහිදී කිසිවක් නිවේදනය නොකෙරිණ.

‘මතභේදයක්’

බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයාට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී තිබෙන අතර, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එම පරීක්ෂණයේ ප්‍රතිඵලය ලැබෙන තුරු සේවා දිගුවක් බලාපොරොත්තු නොවන බවයි හිටපු අධිපතිවරයා ප්‍රකාශ කරන්නේ.

කෙසේ නමුත් අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහි චෝදනා කිසිවක් මෙතෙක් සනාථ වී නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

නව මහ බැංකු අධිපතිවරයා පත්කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මතභේදයක් හටගෙන තිබෙන බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර පසුගිය බදාදා කෝප් කමිටුවට භාර දෙනු ලැබූ මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධ විගණකාධිපතිවරයාගේ පරීක්ෂණ වාර්තාව කතානායකවරයාට භාර දුන් බව කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය.

පිටු දහසකට අධික ප්‍රමාණයකින් සමන්විත විගණකාධිපති වාර්තාවේ නිගමණ හෝ නිර්දේශ කිසිවක් හෙළි කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close