Breaking News
Home / Gossip / නව පොලිස්පතිගේ පැටිකිරිය මෙන්න

නව පොලිස්පතිගේ පැටිකිරිය මෙන්න

නව පොලිස්පති පූජිත් සේනාධි බණ්ඩාර ජයසුන්දර මහතා 1960 වසරේ මාර්තු 15 දා කුරුණෑගල ඇතුගල්පුරයේ උපත ලැබූවෙක් වනවා.

 

පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා ගත් ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ වාණිජවේදී විශේෂ උපාධිය ලබාගත්තා.

 

ඔහු ආධුනික සහකාර ‍පොලිස් අධිකාරිවරයකු ලෙස පොලිස් සේවයට එක්වූවේ 1985 වසරේ  මැයි 20 වන දිනයි.

සහකාර ‍පොලිස් අධිකාරිවරයකු වශයෙන් සේවයට එක්වී අපරාධ හා මෙහෙයුම් කටයුතු භාරව අනුරාධපුරයෙන් වැඩ අරඹා මහනුවර, මඩකලපුව, රත්නපුර ප්‍රදේශවල රාජකාරි කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතා ‍පොලිස් අධිකාරි තනතුරට උසස් කරන ලද්දේ 1991 වසරේ මැයි විසිවන දිනයි..

ඉන්පසු රත්නපුර හා මහනුවර ප්‍රදේශ භාරව කටයුතු කරන හෙතෙම 1996 මැයි 20 දා ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි තනතුරට උසස් වීම් ලැබුවා. ‍

 

පොළොන්නරුව, නිකවැරටිය, කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල වසර හතරක් සේවය කරන ඔහු ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ ලෙසින් වසර තුනක පමණ කාලයක් කැපවී කටයුතු කළා.

නියෝජ්‍ය ‍පොලිස්පති තනතුර සඳහා 2005 මැයි 11දා උසස්වීම් ලැබීමෙන් පසුවත් මසක කාලයක් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට සේවාවක් ලබා දුන් පූජිත ජයසුන්දර මහතා ඉන්පසුව කොළඹ දිසාව, වයඹ දිසාව,  උතුර, මධ්‍යම පළාත භාර නියෝජ්‍ය ‍පොලිස්පති ලෙසින් විශේෂ රාජකාරියක් සිදු කරනු ලැබුවා.

 

2010 ජුනි 02 දා ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති තනතුර සඳහා පත්වූ පූජිත් ජයසුන්දර මහතා ඌව පළාත, වයඹ පළාත, නැගෙනහිර පළාත හා උතුරු පළාත, භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති වශයෙන් කටයුතු කළා.

 

2015 ජනවාරි 27 දා සිට බස්නාහිර දිසාව භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති වශයෙන්ද පත්වූ පූජිත් ජයසුන්දර මහතා අද(20)දිනයේදී නව පොලිස්පති ලෙස පත්කරනු ලැබුවා.

 

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close