Breaking News
Home / Gossip / ගිය සැරෙත් කට්ටිය කිව්වේ ඔහොමයි.මේ පාරත් කප් එක ගෙනාපුවහම ආයේ එවා හරියයි.

ගිය සැරෙත් කට්ටිය කිව්වේ ඔහොමයි.මේ පාරත් කප් එක ගෙනාපුවහම ආයේ එවා හරියයි.

නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ කණ්‌ඩායමක්‌ නම් කළද කණ්‌ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨයන් නවකයන්ට ආදර්ශයක්‌ වන පරිද්දෙන් ආසියානු කුසලාන තරගාවලියේදී ක්‍රීඩා කරනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා විස්‌සයි/20 කණ්‌ඩායමේ නායක ලසිත් මාලිංග සඳහන් කර සිටියි.

ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම පෙරේදා (20 දා) සන්ධ්‍යාවේ බංග්ලාදේශයේ ඩකා අගනුවර බලා පිටත්ව ගිය අතර ඊට ප්‍රථම පැවැති මාධ්‍ය හමුවේදී ඉහත අදහස්‌ පළ කර සිටියේය.

“නවකයන් සිටීම කණ්‌ඩායමේ ජවය වැඩි වීමට ගොඩක්‌ බලපානවා. නමුත් මං හිතනවා නවකයන්ට වඩා අත්දැකීම් සහිත ක්‍රීඩකයන් මෙවර තරගාවලියේදී දක්‌ෂතා දැක්‌විය යුතුයි කියලා. මොකද ඔවුන් දක්‌ෂතා අතරට එනකොට නවකයන්ටත් දක්‌ෂතා අතරට පැමිණීමට ඉතාම පහසුයි. ඒ අනුව මම විශ්වාස කරනවා නවකයන්ට සහයෝගයක්‌ වෙන්න ජ්‍යෙෂ්ඨයන් මෙම තරගාවලියේදී හොඳින් දක්‌ෂතා දක්‌වයි කියලා.ඉස්සරත් මට කට්ටිය බැන්නා.2014 දි එක වෙනස් වුනා.දැන් ආයෙත් සමහරු මගේ ගැන දොස් කියනවා.ආයේත් කප් එක ගෙනපුවාහම ඒවා හරියයි කියලා මම හිතනවා.”යි මාලිංග සඳහන් කර සිටියි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටි ශ්‍රී ලංකා විස්‌සයි/20 නායකයා, විස්‌සයි/20 තරගයකදී වැදගත් වනුයේ නවකයකුද එසේත් නැත්නම් ජ්‍යෙෂ්ඨයකුද යන්න සැලකීම නොව තරගයක්‌ ජයග්‍රහණය කරවීමට ලබාදෙන දායකත්වය පිළිබඳව අවධානය යොමු කිරීම වන බවයි.

වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨයන් ලෙස නායක ලසිත් මාලිංග ඇතුළුව, ටී. එම්. ඩිල්ෂාන්, රංගන හේරත් සහ ඇන්ජලෝ මැතිව්ස්‌ යන ක්‍රීඩකයන් ඇතුළත් වනු ඇත.

මෙම පිරිස අතුරින් ටී. එම්. ඩිල්ෂාන් යනු වත්මන් ක්‍රියාකාරී ක්‍රිකට්‌ ක්‍රීඩාවේ නිරතව සිටීම ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන අතර ඔහුද කණ්‌ඩායමේ පසුවීම ආධුනික ක්‍රීඩකයන්ට වඩාත් ශක්‌තියක්‌ වනු නොඅනුමානය. ඩිල්ෂාන් මේ වන විටත් 40 වැනි වියට ආසන්න හෙවත් අවුරුදු 39 කුත් දින 131 ක වයසක පසුවන්නේය. මෙහිදී කණ්‌ඩායමක්‌ ලෙස පසුගිය කාලයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම තරමක පසුබෑමක්‌ පෙන්නුම් කළ නමුත්, අතීතය පිsළිබඳව අවධානය යොමු නොකොට තරගයෙන් තරගයට හොඳ මානසිකත්වයකින් සහභාගිවිම කෙරෙහි අවධානය යොමු කොට තිබෙන බවද මෙහිදී මාලිංග සඳහන් කර සිටියේය.

තරගාවලියේ මුලික වටයේ තරග මේ වන විට ආරම්භ වී ඇතත් ප්‍රධාන රටවල් අතර පැවැත්වෙන තරගාවලිය මෙම මස 24 වැනිදා සිට මාර්තු මස 06 වැනිදා දක්‌වා බංග්ලාදේයේ ඩකා අගනුවරදී ක්‍රියාත්මක විමට නියමිතය.

තරගාවලියේ සමාරම්භක තරගය සත්කාරක බංග්ලාදේශ පිල සහ ඉන්දියාව අතර පෙබරවාරි 24 වැනිදා මිර්පූර්හිදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පළමු තරගය 25 වැනිදා සුදුසුකම් ලැබීමේ තරග වටයෙන් ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබන රට සමග පැවැත්විමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නව පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන ග්‍රැහැම් ෆොඩ් මහතා කණ්‌ඩායමේ පුහුණුකරු ධුරය භාර ගැනීමෙන් පසු මුහුණ දෙනු ලබන පළමු තරගාවලිය වන්නේද මෙම ආසියානු කුසලාන තරගාවලිය වේ.

“මං හිතන්නේ අපි ළඟ හොඳ සංයෝගයක්‌ ඉන්නවා. ඉතිං අපි කළ යුත්තේ පුහුණුකරුට වඩා ක්‍රීඩකයන් ලෙස කළ යුත්තේ දක්‌ෂතා දක්‌වන එක. පුහුණුකරුවකුට පුළුවන් අපිට යම් යම් දේවල් ලබාදෙන එක විතරයි. කොහොම වුණත් තරගයේ ජයග්‍රහණයට හේතුවන්නේ අපි පිට්‌ටනිය මැදට ගිහිල්ලා කරන දේවල් අනුව තමයි” යෑයි පුහුණුකරු සම්බන්ධයෙන් කරන ලද විමසීමේදී මාලිංග අවධාරණය කර සිටියේය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close