Breaking News
Home / Gossip / දෝනිගේ වැරදි විතරක් රෙකෝඩ් වෙන ‘කඩුල්ලේ ඇති’ ගුප්ත මයික්‍රෆෝනය

දෝනිගේ වැරදි විතරක් රෙකෝඩ් වෙන ‘කඩුල්ලේ ඇති’ ගුප්ත මයික්‍රෆෝනය

විනිසුරුවන් ලබාදෙන තීරණ විවේචන කිරීම නිසා  විස්සයි20 ලෝක කුසලානයට සහභාගිවීම තහනම් කරගැනීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බව ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පවසනවා.

ඉන්දියාව හා පාකිස්තානය අතර ඊයේ (27) පැවති තරගයෙන් පසුව  අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

පාකිස්නාත පිතිකරු කුරාම් මංසූර්ගේ අත්ආවරණයේ වැදීගිය ගිය පන්දුව දෝනි උඩ පන්දුවක් ලෙස  රැක ගත්තද විනිසුරු එය නොදැවීමක් ලෙස සටහන්කළා.

මෙහිදී දෝනි පවසා සිටියේ, තරගයේ දී තමන් වැරදි වචනයක් කීවොත් කඩුල්ලේ තිබෙන මයික්‍රෆෝනයේ රෙකෝඩ් වන බව සහ වෙනත් අයෙකු වැරදි වචනයක් කීවොත් එය රෙකෝඩ් නොවන බවයි.

“ මම දන්නේ නෑ  ඇයි  මම කියන හැමදේම රෙකෝඩ් වෙන්නයි අනික් අය කියන දේවල් රෙකෝඩ් නොවෙන්නයි හේතුව. ඒ දේවල් හරිම ගුප්තයි ”යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close