Breaking News
Home / Gossip / දෙහිවල නිවසක් තුළ මිය ගියේ අලෙවි මවුලානාගේ ඥාතීන්

දෙහිවල නිවසක් තුළ මිය ගියේ අලෙවි මවුලානාගේ ඥාතීන්

දෙහිවල කවුඩාන පාරේ තෙමහල් නිවසක පහත මාලයේ තිබී ඊයේ (16) සොයා ගැනුණු මලසිරුරුවල කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අදාළ මලසිරුරු 04 සම්බන්ධයෙන් කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ බවයි. විෂ වායුවක් ආග‍්‍රහණය වීමෙන් මෙම මරණ සිදුව ඇති බව එහිදී අනාවරණ වුණා.

 

පිටකොටුවේ විදුලි උපකරණ වෙලඳසැලක හිමිකරුවෙකු වන මෙම ව්‍යාපාරිකයා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතාගේ ඥාති සහෝදරයෙක්. මොවුන් සියලුදෙනාගේම සිරුරු තදින් කළු පැහැ ගැන්වී තිබූ බවයි පොලිසිය පැවසුවේ. ව්‍යාපාරිකයා නිවසේ පුටුවක් මත මියගොස් සිටි අතර බිරිඳගේ සිරුර සොයා ගැනුණේ නිවසේ කාමරයක ඇඳක් මත තිබියදීයි. දියණියන් දෙදෙනාගේ සිරුරු නිවසේ ස්ථාන දෙකක බිම තිබියදී සොයා ගැනුණා. නිවසේ මුළුතැන්ගෙහි විදුලි උදුනක් ක‍්‍රියාත්මක කිරීමේදී ඇතිවූ ගින්නකින් විෂ වායුවක් ආග‍්‍රහණය වීම නිසා මෙම මරණ සිදුව ඇති බවයි පරීක්ෂණවලදි අනාවරණ වී තිබෙන්නේ.

 

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close