Breaking News
Home / Gossip / දෙමළ බසට මුල්තැන දෙන රුපියල් 100 නෝට්ටුවේ ඇත්ත මෙන්න

දෙමළ බසට මුල්තැන දෙන රුපියල් 100 නෝට්ටුවේ ඇත්ත මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලැබූ රුපියල් 100 නෝට්ටුවක මෙතෙක් කලක් සිංහල භාෂාවට ලබා දී තිබූ මුල් තැන අහිමි කර ඇතැයි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍ර‍චාරය වනවා. මහ බැංකුවෙන් කරන ලද විමසීමකදී අනාවරණය වූයේ එවන් මුදල් නෝට්ටුවක් නිකුත් කර නැති බවය.

 

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍ර‍චාරය වන 2016-03-12 දා නිකුත් කරන ලදැයි සටහන් කර ඇති නවතම මුදල් නෝට්ටුව ව්‍යාජව සකසන ලද්දකි. එම මුදල් නෝට්ටුවේ මුදල් ඇමතිවරයා ලෙස අත්සන් තබා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාය. මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අත්සන් තබා ඇත්තේ සුනිල් මෙන්ඩිස් මහතාය. සුනිල් මෙන්ඩිස් මහතා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සේවය කරනු ලැබ ඇත්තෙ 2004 සිට 2006 දක්වා කාල සීමාවේය.

0116

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close