Breaking News
Home / Gossip / දිවයින පුරා විදුලිය විසන්දි විමට හේතුව හෙලි වෙයි

දිවයින පුරා විදුලිය විසන්දි විමට හේතුව හෙලි වෙයි

දිවයින පුරා අද පස්වරුවේ සිදුවූ විදුලි බිඳ වැටීමට හේතුව සෙවීම සඳහා මේවන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

බියගම උප පොලක සිදුවූ හදිසි කාර්මික දෝශයක් හේතුවෙන් මෙලෙස දිවයින පුරා විදුලි බිඳවැටීමක් සිදු ඇති බවට දැනට සැක කෙරෙනවා. 

විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සහ විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සී.ඊ. වික‍්‍රමරත්න යන මහත්වරුන් මේවන විට බියගම උපපොළ වෙත ගොස් ඒ පිිළිබඳ විමර්ශන සිදු කරනවා. 

විදුලි සැපයුම සම්පූර්ණයෙන් යථා තත්වයට පත් කිරීමට කොපමණ කාලයක් ගතවේදැයි තවමත් නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ. 

දිවයින පුරා මෙම හදිසි විදුලි බිඳ වැටීම සිදුවූයේ අද පස්වරු 02 .30 ට පමණයි. 

ඉන් පැය එකහමාරක පමණකට පසු ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්වයට පත් කෙරුණා. 

එහෙත් සුළු වේලාවකින් එම ප‍්‍රදේශවලටද විදුලිය විසන්ධි  වූ බවයි වාර්තාකරුවන් පැවසුවේ. අඩු වෝල්ටීයතාවයකින් විදුලිය නිකුත් කිරීම ඊට හේතුව බව විදුලිබල මණ්ඩලය පැවසුවා. 

බියගම උප පොලේ සිදුවූ කාර්මික දෝෂයත් සමගම කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර, ඉහළ කොත්මලේ සහ පහළ කොත්මලේ යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනයද ස්වයංක‍්‍රීයව නතර වී තිබෙනවා. 

 

About Tech Lanka

Check Also

ජනපති වෙබ් අඩවිය හැක් කල සිසුවාට ජනපති දුන් දේ

ජනාධිපතිතුමාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුල්වී එහි දත්ත වෙනස් කිරීමේ සිදුවීමට අදාළ පාසල් සිසුවා සිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close