Breaking News
Home / Health / දරුවන් නැති නම් ඔබ කළ යුත්තේ කුමක්ද?

දරුවන් නැති නම් ඔබ කළ යුත්තේ කුමක්ද?

තාමත් අවධාරණයෙන් පැවසිය යුතු වන්නේ මෙලෙස දරුවකු පමාවීම නිසා සමාජයේ ගැරහුමට සරදමට ලක්වන්නේ කාන්තාවන් පමණි. එලෙස වීම ඉතාමත් වැරදි මතයකි. මන්ද කාන්තාවන්ට පමණක් නොව පුරුෂයන්ටද මඳසරුභාවය ඇති විය හැකි බැවිනි. එමෙන්ම මේ බව සනාථ කර ගැනීමට විවිධාකාර වූ පරීක්ෂණයන් ඇත. එම පරීක්ෂණ කාන්තා පිරිමි සඳහා වෙනස් වේ.

 
කාන්තාවන්ගේ මඳසරුභාවය හඳුනා ගැනීම
කාන්තාවන් සතු මඳසරුභාවය හඳුනා ගැනීමට කළ හැකි පරීක්ෂණයන් විවිධවන අතර එමගින් නිවැරදිම හේතුව දැනගත හැකි වේ. නිවැරදිව ඩිම්බයක් මෝචනය වන්නේද නැද්ද යන්න පිළිබඳව කරුණු දැනගත යුතුය. එය ඉතාමත් වැදගත් සාධකයකි. මෙලෙස මඳසරුභාවය කාන්තාවන් තුළ ඇත්දැයි හඳුනා ගන්නා ආකාර කිහිපයකි.

 
නිවැරදි තොරතුරු ලබා ගැනීම
මුලින්ම වෛද්‍යවරයකු වෙත රෝගියකු පැමිණි අවස්ථාවේදී යම් යම් කරුණු කාරණා රෝගියකුගෙන් වෛද්‍යවරයා අසා දැනගනු ලැබේ.
මෙහිදී මාස් චක්‍රයේ ගැටලු ඇද්ද නියමිත දිනට ඔසප් සිදුවේද සිදුවන කාල පරාසය, වැඩිපුර රුධිරය පිටවේද යන්න පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදී වෛද්‍යවරයාව දැනුවත් කළ යුතුය. සාමාන්‍යයෙන් ඔසප්වීම් දෙකක් අතර දින 21-35ත් අතර කාලපරාසයක් වීම නිරෝගී ඔසප්වීමක් ලෙස පෙන්වා දිය හැකිය. බොහෝ දෙනකු තුළ පවතින වැරදි මතයක් නම් ඔබට මාසයේ පළමු දින ඔසප් වූයේ නම් සෑම මසකම පළමු දින ඔසප් විය යුතු සේ සැලකීමයි.

 
ස්කෑන් පරීක්ෂාව හා අනෙකුත් පරීක්ෂාවන්
Transhaginal Utrasound ස්කෑන් පරීක්ෂණයක් මගින් ඩිම්බයක් මෝචනය වී ඇත්දැයි නිවැරදිව දැනගත හැකි වේ. සාමාන්‍යයෙන් ඩිම්බයක් සෙ.මී. 2, 2.25ක් පමණ විශාලත්වයෙන් යුක්ත වේ.
රුධිර පරීක්ෂණය
ඩිම්බ පිටවීමේ දෝෂ සහගත තත්ත්වයන් වේදැයි රෝගියාගෙන් ප්‍රශ්න කිරීමෙන් දැනගත නොහැකි වූ විටදී රුධිර පරීක්ෂණයක් මගින් එය 100ක් තහවුරු කරගත හැකිවේ. Mid Luteal Blood test රුධිර පරීක්ෂණය මගින් ඩිම්බ මෝචනය නිසියාකාරයෙන් සිදුවේදැයි තහවුරු කරගත හැකි වේ. ඩිම්බයක් මෝචනය වූ විටදී ඩිම්බ මෝචනය ඉවහල් වූ ‍ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය රුධිරයට එකතු වේ. මෙම පරීක්ෂණය ශුද්ධවීමේ අවසන් සති දෙක තුළයි. එනම් ශුද්ධ වීම සිදුවේ යැයි උපකල්පනය කරනු ලබන දින සිට දින හතකට කලිනි.

 
ලැපරොස්කොපි පරීක්ෂණය
ගැබ් ගෙල හරහා නිල් පැහැති ඩයි විශේෂයක් ගර්භාෂයට ඇතුළු කර පැලෝපීය නාළ කෙළවරින් උදරයට වැටීමට සලස්වනු ලැබේ. එවිට පැලෝපීය නාළයේ අවහිරතා ඇති වන මෙන්ම ‍ලේ ගෙඩි, ඇලීම්, ඇදවීම් තිබේදැයි පැහැදිලිව දැක බලාගත හැකි වේ. මෙම අවස්ථාවේදීම පැලෝපීය නාළ මත ඇති අවහිරතා ‍ලේ ගෙඩි, ඇලීම් වැනි දේ ඉවත් කර ගැනීම ලැපරස්කොපි උපකරණය මගින් යළි යථා තත්ත්වයට පත් කළ හැකි වීම ඉතාමත් වාසිසහගත කරුණකි.
ඊට අමතරව ගර්භාෂය මෙන්ම පැලෝපීය නාළ ඇතුළත බලාගත නොහැකි වීමත් නිර්වින්දනය කළ යුතු වීමත් මෙහි අවාසියක් ලෙස පෙන්වා දිය හැකිය.

 
යෝනි මාර්ගය, ගැබ්ගෙල හා පැලෝපීය නාළ මනා ක්‍රියාකාරීත්වයෙන් යුක්තවීම පිළිබඳ දැන ගැනීම
මේ සඳහා කරනු ලබන පරීක්ෂණ කිහිපයකි.ගර්භාෂ කුටීරය අධ්‍යයනය කිරීමට අවශ්‍ය වූ විටදී “Hysteroscopy”පරීක්ෂණය සිදු කරනු ලැබේ. මෙය දෙයාකාරයකින් කළ හැකිය. එනම් නිර්වින්දනය කිරීම මගින් හෝ නිර්වින්දනය කිරීමක් නොකර යන දෙආකාරයටය. මෙමගින් ගර්භාෂයේ ඇති සියලුම අවහිරතා, කුටීර නිසියාකාරව බෙදා ඇති ද නැතිද යන වග ආදී සියලුම කරුණු ඉතා පැහැදිලිව රූපවාහිනී තිරයක් මගින් දැකගත හැකිය.
Vaginal Examination ලෙස යෝනි මාර්ග පරීක්ෂාව. මෙහිදී ස්පෙකියුලර් (Specular) නමින් හඳුන්වනු ලබන ලෝහමය බටයක් යෝනි මාර්ග දිගේ ඉහළට යවා ගැබ්ගෙල පරීක්ෂා කිරීම සිදු කරනු ලැබේ. මෙහිදී ගැබ් ගෙල ආශ්‍රිතව යම් අක්‍රමවත් බවක් ඇත්නම් හොඳින් තහවුරු කරගත හැකි වේ.

 
පැලෝපීය නාළ තුළ යම් අවහිරතාවක් වේ නම් පරීක්ෂා කිරීම
විශේෂිත ඩයි වර්ගයක් ගර්භාෂයට ඇතුළු කිරීමක් කරනු ලැබේ. එය පැලෝපීය නාළ හරහා ගොස් උදරයට වැටෙනු ලැබේ. ඉන් අනතුරුව එක්ස්රේ පරීක්ෂණයක් කිරීම මගින් පැහැදිලිව පැලෝපීය නාළවල අවහිරතා දෝෂ (Fillingdefects) ඇත්දැයි දැකගත හැකි වේ.
මෙහිදී යම් යම් වාසි මෙන්ම අවාසිදායක තත්ත්වයන් ද ඇත. සැත්කමක් නොකිරීම, නිර්වින්දනය නොකිරීම ආදී වාසි සහගත පැති මෙන්ම පරීක්ෂා කිරීම හැර ඊට පිළියම් කිරීම ආදිය සිදුකළ නොහැකි වීමත් ඩයි වර්ග විෂවීමත් මෙහි ඇති අවාසිදායක තත්ත්වයන්ය.
කාන්තාවන්ට බලපානු ලබන ලිංගික බෙලහීනතා
කාන්තාවන්ගේ ලිංගික එක්වීමකදී යෝනි මාර්ගයේ තදබල වේදනාවක් ඇතිවීම. මෙම වේදනාව දැඩිවීම නිසා ලිංගික එක්වීමේ බාධා පැමිණේ.මානසික රෝග නිසාත් ලිංගික එක්වීමේ ආසාව අඩු වී යාම.

 
පුරුෂයන්ගේ මඳසරුභාවය දැන ගැනීමට කරනු ලබන පරීක්ෂණ
ශුක්‍ර ධාතු සාන්ද්‍රතාව
ශුක්‍ර මිලිලීටරයකට ශුක්‍ර ධාතු මිලියන 20ක්වත් තිබිය යුතුය. මීට අමතරව ශුක්‍රාණුව සාමාන්‍ය හැඩයක් ගැනීම, ඉතා හොඳින් පිහිනීමේ හැකියාව, චලනය වීමේ හැකියාව ආදිය තිබිය යුතුය. මෙය සිදුකරනු ලබන්නේ එක් දිනක් ශුක්‍රාණු මෝචනය කර ඉන් පසුව දින තුනක් ශුක්‍රාණු මෝචනය නොකර හතරවැනි දවසේ රෝහල් පරීක්ෂණාගාරයකට ගොස් ඒ මොහොතේම ශුක්‍රාණු මෝචනය කර පරීක්ෂණයට ලබා දීමෙනි.

 
සමලිංගික ඇසුර
මෙහිදී පුරුෂයකු සමලිංගික ඇසුරකට යොමු වුවහොත් දරුවකු පිළිසිඳ ගැනීමක් සිදු නොවේ. මන්ද එලෙස පුරුෂයකු සමලිංගික ඇසුරකට යොමු වීම නිසා ඔහුට ඇය කෙරෙහි උනන්දුවක් ඇති නොවීම වැනි හේතූන් මත එලෙස ලිංගිකව එකතුවීමේ හැකියාව ඔවුන් තුළින් ඈත් වේ. එය ගැහැනියක සමලිංගික වීමට වඩා භයානක තත්ත්වයකි. මෙයත් දරුවකු පිළිසිඳ නොගැනීමේ ගැටලුකාරී තත්ත්වයකි.

 
ලිංගික උත්තේජනයේ ගැටලු
ඇතැමුන්ට ශිෂ්ණය ප්‍රාණවත් නොවීම (Erectile Dysfunction) මත ලිංගිකව එකතුවීමේ නොහැකියාවක් ඇති විය හැක. ඊට අමතරව ලිංගික උත්තේජනයේ ගැටලු ස්නායු දුර්වලතා, මානසික ගැටලු යන කරුණුද ලිංගික දුබලතාවන් යටතේ ගනු ලැබේ. ඉක්මනින් ශුක්‍රාණු මෝචනය වීම කාමාශාව වැඩිවීම වැනි හේතුද පිරිමි ලිංගික දුබලතා අතරට යන අතර කාන්තාවන් තුළද ලිංගික දුබලතා ඇති විය හැකිය.

ලිංගික බෙලහීනතා
මෙම මාතෘකාව පිළිබඳව කතාබහ කිරීමේදී කාන්තා පිරිමි දෙපාර්ශ්වයම අයත් වේ. මෙලෙස ලිංගික බෙලහීනතාවක් නොමැති නම් සාමාන්‍ය ලෙස දරු උපතක් බලා‍පොරොත්තු විය හැක.
ජයවර්ධනපුර රෝහ‍ලේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දකුණු කොළඹ ශික්ෂණ රෝහ‍ලේ කාන්තා හා ප්‍රසව පිළිබඳව විශේෂඥ වෛද්‍ය ධම්මික සිල්වා

About Tech Lanka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close