Breaking News
Home / Gossip / තොරතුරු හෙළිනොකරන්නැයි, නාමල්ගේ මිතුරිය ඉරේෂාට මහින්දගෙන් තර්ජන

තොරතුරු හෙළිනොකරන්නැයි, නාමල්ගේ මිතුරිය ඉරේෂාට මහින්දගෙන් තර්ජන

මේ වන විට දුටුතැන අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය වෙත වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ එන්.ආර්.කන්සල්ටන්ට් හා ගවර්ස් කෝපරේෂන් හි අධ්‍යක්ෂිකාවක වන බටපොල ආරච්චිලාගේ ඔරනෙල්ලා ඉරේෂා සිල්වාට නාමල් රාජපක්ෂගේ මූල්‍ය ගනුදෙනු පිළිබඳ තොරතුරු FCID යට හෙළිනොකරන්නැයි කියමින් රාජපක්ෂවරුන්ගෙන් දිගින් දිගටම තර්ජන එල්ල වෙමින් තිබෙන බව එම පවුලේ සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන්ම ඉරේෂා ද සිල්වාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුරකතන ඇමතුම් පිට ඇමතුම් ලබා දෙමින් තමාව වහාම අමතන ලෙස පණිවිඩ යවා ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මේ වන විට රාජපක්ෂ පවුලේ විදෙස් සහයකයින්ද  ඉරේෂා සිල්වා සොයා ගැනීම සඳහා උත්සහ කරමින් සිටින බවද වාර්තා වෙයි. ඒ රාජපක්ෂ වරු අයතා ලෙස උපයන ලද වත්කම් විදේශගත කිරීමේ මහ මොළකාරිනිය ඇය වන නිසාය. රාජපක්ෂ වරුන් වෙනුවෙන් ඉරේෂා සොයාදීමේ කොන්ත්‍රාත්තුව පුද්ගලයින් ඇගේ සොහොයුරන් වාසය කරන ප්‍රදේශය වෙත ගොස් ඇය පිලිබඳ සොයාබලා ඇත. කෙසේ වුවත් මේ වන විට ඇය රාජපක්ෂ පවුල සමඟ ද සබඳතා අත්හිටුවා ඇති බවද වාර්තා වෙයි.

කෙසේ නමුත් ඇය මෙරටින් පලා යාම පසුගිය වසරේදි සිදුව තිබේ. එය සිදුවී ඇති ආකාරය පිළිබඳ තොරතුරු අප වෙත වාර්තා වී ඇත.

විශ්වාසවන්ත එම ආරංචිමාර්ග වලට අනුව පසුගිය වසරේ වූ ආණ්ඩු පෙරලියත් සමඟ ඇය පළමුව ඉන්දියාවටත් එතැනින් සිංගප්පූරුවටත් පළාගොස් ඇති අතර පසුව ඩුබායි බලා ගොස් ඇත. අවසන් වරට ඇය අබුඩාබි නගරයේ ජාත්‍යන්තර සමාගමක නීති කලමණාකාරියක ලෙස සේවය කර ඇති අතර ඇගේ සොහොයුරන් එංගලන්තයේ වෙසෙයි. ඔරනෙල්ලා ඉරේෂා සිල්වා මේ වන විට එංගලන්තයේ සිටින බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළවී ඇත්තේ එම සොයුරන් වෙත ඇය යන්නට ඇති බව උපකල්පනය කිරීම නිසාය

colomboxnews

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close