Breaking News
Home / Gossip / තිසරපටයක් නිසා කැකිරාවේ කාන්තාවක් ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා

තිසරපටයක් නිසා කැකිරාවේ කාන්තාවක් ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා

කැකිරාව නගරයේ ප්‍රසිද්ධ වෙළෙඳසලකින් තමන් මිලදී ගත් තනපටයක තිබී ජෙලි හා සමාන ද්‍රව්‍යයක් අඩංගු සැකකටයුතු පැකට් දෙකක් හමුවුණා කියලා කාන්තාවක් පොලිසියට පැමිණිල්ලක් කරලා.

කැකිරාව පොලිසිය ආසන්නයේ පිහිටා තිබෙන අදාළ ව්‍යාපාරික ස්ථානයෙන් අදාළ කාන්තාව එම තනපටය මිලදී ගත් බවත් වෙළෙඳසල තුළදී එය වැඩිදුර පරීක්‍ෂාවට ලක් කළ අවස්ථාවේ එහි කොටසක යම් සැකකටයුතු ඇසුරුම් පැකට්ටුවක් ඇති බව දැකගන්නට ලැබුණු බවත් අදාළ කාන්තාව පොලිසියට පවසා තිබෙනවා.

ඇය ඒ සම්බන්ධයෙන් කැකිරාව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කර තිබෙනවා. එම කාර්යාංශයේ නිලධාරිනියන් විසින් අදාළ තනපටය පරීක්‍ෂා කිරීමේදී එහි තිබී හඳුනා නොගත් ජෙලිවලට සමාන ද්‍රව්‍යයක් හා කුඩා ගුළි 3ක් බැගින් අඩංගු පැකට් දෙකක්ද පොලිසියට හමුව තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම ව්‍යාපාරික ස්ථානයේ සේවිකාවන්ගෙන් හා කළමනාකාරිත්වයෙන්ද පොලිසිය ප්‍රශ්න කර තිබිණි. එහිදී ඔවුන් පොලිසියට පවසා ඇත්තේ ඒවා අදාළ නිෂ්පාදකයා විසින්ම ඊට ඇතුළත් කර ඇති ඒවා බවයි. අදාළ පැකැට්ටු දෙකෙහි අඩංගු දෑ මොනවාදැයි යන්නත් ඒවා සෞඛ්‍යයට අහිතකර ඒවාදැයි සොයා බැලීමටත් එම පැකට්ටු රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිසිය කියයි.

උපුටා ගැනීම මව්බිම පත්තරෙන්

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close