Breaking News
Home / Gossip / තැන් තැන්වලට ඇවිත් වශී කරලා ගේම් දෙන සුරූපී තරුණියන් තිදෙනාගෙන් පරිස්සම් වෙන්න

තැන් තැන්වලට ඇවිත් වශී කරලා ගේම් දෙන සුරූපී තරුණියන් තිදෙනාගෙන් පරිස්සම් වෙන්න

තම අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට යන මුවාවෙන් විවිධ ආයතනවලට ගිහින් එම ආයතනවල ඇති දේපළ හා මුදල් කොල්ලකා උපක්‍රමශීලීව පලා යන සුරූපී තරුණියන් තිදෙනකු හා ඔවුන්ට සහාය දැක්වූ ත්‍රිරෝද රථ රියැදුරකු පමුණුගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු  තොරතුරක් මත තමා මේ  පිරිස අත්අඩංගුවට අරගෙන තියෙන්නේ.

මෙයාලව පොලිසියට හවුවෙලා තියෙන්නෙත් දෑලතුර ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයකට ගිහින් ඒ ආයතනයේ හිමිකාරියගේ මුදල් සහිත අත් බෑගය සොරකම් කරලා ත්‍රිරෝද රථයකින් පැනලා යනකොටයි.

පොලිසිය කියන්නේ මෙම තරුණියන් යම් ආයතනයකට ගොස් එම ආයතන හිමිකරුවන්ගෙන් යම් යම් දේ ඉල්ලමින් ඔවුන්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරලා, ඒවායේ තිබෙන දේපොළ කොල්ලකා උපක්‍රමශීලීව පැනලා යනවා කියලා.

ඉතින් මේ නිසා පොලිසිය ඉල්ලීමක් කරනවා, ව්‍යාපාර ආයතනවලට පැමිණ සැකකටයුතු විදියට හැසිරෙන සුරූපී තරුණියන් ගැන අවධානයෙන් ඉන්න කියලා.

මේ විදියට අත්අඩංගුවට ගත්ත තරුණියෝ රාගම, පුබුදුගම, කුණ්ඩසාලේ පදිංචි වයස අවු. 20, 30, 31 යන වයසේ පසුවෙන අයලු.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close