Breaking News
Home / Gossip / තාජුඩීන් ඝාතනය ගැන ඇත්ත කියන්න හිටපු ස්ථානාධිපති සූදානම්.මහින්ද අගමැති ලග දනින් වැටේ

තාජුඩීන් ඝාතනය ගැන ඇත්ත කියන්න හිටපු ස්ථානාධිපති සූදානම්.මහින්ද අගමැති ලග දනින් වැටේ

වසීම් තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට රිමාන්ඩ්භාරයේ පසුවන, එවක නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂක සුමිත් චම්පික පෙරේරා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයා හමුවේ අපරාධෝච්ඡාරණයක් කිරීමට අවසර ඉල්ලා තිබෙනවා.
 
මෙසේ සුමිත් චම්පික පෙරේරා 127 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා ඇත්තේ අද (26) වසීම් තජුඩීන් ඝාතන නඩුව කොළඹ 03 මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය. සැකකාර පොලිස් පරීක්ෂකවරයා තම නීතිඥ අජිත් පතිරණ මහතා මාර්ගයෙන් මෙම ඉල්ලීම සිදුකර ඇතැයි සදහන්.
 
මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා එකී ඉල්ලීමට ඉඩහරිමින් පවසා ඇත්තේ ඒ පිළිබඳව නැවතත් හොඳින් සිතා බලා අවශ්‍ය නම් පමණක් නඩුවේ ඊළඟ කැඳවීම් දිනය වන ජුනි 09 වැනිදාට එම ප්‍රකාශය කරන ලෙසයි. එතෙක් සැකකාර පොලිස් පරීක්ෂකවරයා හා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක රිමාන්ඩ්භාරයට පත්කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.අගමැතිවරයා ලග දනින් වැටි හෝ මේ සියල්ල වසන් කර ගත යුතු බව මහින්ද රාජපක්ෂ විසින් වෙරි මතින් කැ ගසා ඇති බවටත් වර්තා වේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close