Breaking News
Home / Gossip / තාජුඩීන්ගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

තාජුඩීන්ගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කේ.එස් උදයකුමාර් පැවසුවේය.

වසීම් තාජුඩීන්ගේ මරණයට හේතුව පපුව ප්‍රදේශයට ඇති වූ තුවාල නිසා සිදු වූ මරණයක් බවට නිරීක්ෂණය කරන බවත්, එය රිය අනතුරක් හේතුවෙන් ඇති වූ මරණයක් බවට සැළකිය නොහැකි බවත්, මෙම මරණය ඝාතනයක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, ඒ පිළිබඳ දැක්වෙන වාර්තාවක් මාර්තු 23වන දින ඉදිරිපත් කරන ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මේ අතර රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළව සිදුකෙරෙන පරීක්ෂණ වලදී සොයාගත් සී.සී.ටී.වී දර්ශන විදේශ රටකට යවා පරීක්ෂණ සිදුකිරීම සම්බන්ධව  රජයේ නීතීඥවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කියා සිටියේ සී.සී.ටී.වී දර්ශන විදෙස් රටවලට යවා පරීක්ෂණ සිදුකිරීමේදී ප්‍රමාදයක් සිදුව ඇති බවට මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වී ඇති බවයි.

එම වාර්තා අසත්‍ය බව සඳහන් කළ රජයේ නීතීඥවරයා අදාළ දර්ශන විදෙස් රටවලට යැවීමේ කටයුතු විදේශ කටයුතු අමාත්‍යංශය සහ ජාත්‍යන්තර පොලීසිය හරහා සිදුකළ යුතු බැවින් ඒ සඳහා යම් කිසි කාලයක් ගත විය හැකි බව සඳහන් කළේය.

අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා පැවසුවේ වසීම් තාජුඩීන්ගේ මරණයට අදාළව තවදුරටත් විමර්ශන සිදුකෙරෙන අතර සාක්ෂිකරුවෙන් 16 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇති බවයි.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close