Breaking News
Home / Gossip / තාජුඩීන්ගේ ඝාතනය රාජපක්ෂ පවුල පසාරු කරගෙන යයි

තාජුඩීන්ගේ ඝාතනය රාජපක්ෂ පවුල පසාරු කරගෙන යයි

තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් හෙළිවෙමින් පවතින කරුණු සහ සාක්ෂි අනුව එය රාජපක්ෂ පවුලේ අයවලුන් පසාරු කරගෙන යන සිදුවීමක් බවට අනාවරණය වෙමින් තිබේ.

 රගර් ක්‍රීඩක මොහොමඩ් ක්‍රිස්ට් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් හතර දෙනකු හා යුදහමුදා නිලධාරියකු රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රකාශ ලබාගත් බවට රහස් පොලිසිය ඊයේ (20) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත දැනුම් දුන්නේය.

හිටපු ජනපතිගේ සමීපතම ආරක්ෂකයන් ද කැඳවා ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඔවුන්ගේ ප්‍රකාශ මත තාජුඩීන් ඝාතනය සම්බන්ධ ගැඹුරු විමර්ශනයක් පවත්වන බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

මේ අනුව ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් සැරයන් (14226) පෝරඹවැලලගේ රංජිත් ප්‍රේමලාල් සිල්වා, පොලිස් සැරයන් (29203) මදුරනාදියලාගේ දයානන්ද, පොලිස් සැරයන් (8129) තෙන්න කෝරලාගේ ප්‍රේමකුමාර චන්ද්‍රතිලක හා පොලිස් කොස්තාපල් (13871) කුඹලාතන ආරච්චිගේ ප්‍රදීප් රුවන් කුමාර යන අයගේ ප්‍රකාශ සටහන් කළ බවට රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු දක්වා සිටියේය.

ජනාධිපති ආරක්ෂක සේනාවේ සේවය කර දැනට විශ්‍රාම ලබා සිටින යුද හමුදා බලලත් නිලධාරි උදය නන්දිත නාගහවත්ත ආරච්චි යන අය රහස් පොලිසිය වෙත කැඳවා දීර්ඝ ප්‍රකාශයක් ලබා ගත් බව පවසන රහස් පොලිසිය එම ප්‍රකාශ ඔස්සේ ගැඹුරු විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී පළමු සැකකරු වන නාරාහේන්පිට අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් චම්පික පෙරේරා වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ නීතිඥ අජිත් පතිරණ මහතා පැවසුවේ සැකකරුට ඇප අයැදුමක් මහාධිකරණය වෙත යොමු කර ඇති බවත් ඔහුගේ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා බන්ධනාගාර අධිකාරිවරයා වෙත සුදුසු නි‍යෝගයක් කරන ලෙසය. දෙවන සැකකරු වන බස්නාහිර පළාත් භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති තොල්කමුදලිගේ අනුර රත්නායක මහතා ද මහාධිකරණය හමුවේ ඇප අයැදුම් පත්‍රයක් යොමු කර ඇති බවට ඔහුගේ නීතිඥවරයා ද අධිකරණයට දැන්වීය.

විමර්ශනයට අදාල 2016/07/08 පොලිස් සමීපරූප ආවේක්ෂණ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි ටී.පී. ගම්ලත් මහතාට අධිකරණ නියෝගය බාර දුන් බවත් එම කොට්ඨාසයේ ස්ථානාධිපති ඒ.එම්. ජී. ටී.බී. සෙනෙවිරත්න මහතා විසින් 2012/05/16 රාත්‍රී 11 සිට 2012/05/17 වන දින පෙරවරු 2 දක්වා කාලය තුළ දී කිරුළපාර බේස්ලයින් නාරාහේන්පිට මංසන්ධිය අදාල සී.සී.ටී.වී කැමරාවල සටහන් දත්තවල මුල් පිටපත්වලින් උත්පාදනය කළ පිටපත් 10 අධිකරණයට බාර දී ඇති බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබිණ. ඉහත නඩු භාණ්ඩ කැනේඩියානු රසායනාගාර වෙත රැගෙන යනු ලබන රහස් පොලිස් නිලධාරීන් දෙදෙනා 2016/07/13 වන දින ශ්‍රී ලංකාවේ පිහිටි කැනෙඩියානු මහ කොමසාරිස් කාර්යාලය ‍වෙත කැඳවා වීසා ලබා දීම සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත් වූ බව පවසන රහස් පොලිසිය ඔවුන් වෙත වෙත මේ දක්වා වීසා ලබා දී නොමැති බවට අධිකරණයට දැක්වූවේය. සී.සීටී.වී. දර්ශන ඇතුළත් සංයුක්ත තැටි වන නඩු භාණ්ඩ 2016/08/15 දින british Colombia Institute ආයතනය වෙත රැගෙන එන ලෙසට රහස් පොලිසිය වෙත දැනුම් දී ඇති බවට පැමිණිල්ල අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

මීට අමතරව නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩෙමියන් පෙරේරා මහතාගේ ජංගම දුරකථනයට ලැබී ඇති ඇමතුම් සම්බන්ධව කරුණු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන තවදුරටත් පවත්වන බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.

වෛද්‍ය සභාවේ විමර්ශන පිළිබඳ එම නීතිඥවරයාගෙන් කරුණු විමසූ මහේස්ත්‍රාත්වරයා එම විමර්ශන කඩිනම් කරන ලෙසට වෛද්‍ය සභාවට නියම කළේය. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන කඩිනම් කරන ලෙස රහස් පොලිසියට නියම කරමින් සැකකරුවන් දෙදෙනා ලබන මස 03 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

රහසන් පොලිසියේ මිනීමැරුම් අංශයේ ස්ථානාදිපති පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසේන සහ සැරයන් ඒ. රත්නප්‍රිය මහත්වරු සමඟ රජයේ අධි නීතිඥ ඩිලාන් පෙරේරා මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ අජිත් පෙරේරා සමඟ මධුර වෙල්ගම මහතා පෙනී සිටියේය.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close