Breaking News
Home / Gossip / තාජුඩින් ඝාතනයට මිලගට අත් අඩංගුවට ගන්න ඉන්න කට්ටිය මේන්න

තාජුඩින් ඝාතනයට මිලගට අත් අඩංගුවට ගන්න ඉන්න කට්ටිය මේන්න

වසීම් තජුඩීන් ඝාතනයේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මහාචාර්ය ආනන්ද සමරසේකර,සහ තවත් වෛද්‍යවරුන් දෙදනකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට වෛද්‍ය සභාව තීරණය කර ඇතැයි තොරතුරු වාර්තාවනවා.  එකී වාර්තාව සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවට ලිඛිත පොරොන්දුවක් කොළඹ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට වෛද්‍ය සභාව ලබාදී ඇති බවයි පැවසෙන්නේ.මෙම පොරොන්දුව සමග නව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් වෛද්‍ය සභාව විසින් නඩුවට අදාළව ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.
 
මරණකරුගේ පාදයේ අස්ථි කොටස් අතුරුදන් වීම සම්බන්ධයෙන් මහාචාර්යවරයා සහ අනෙක් වෛද්‍යවරුන් දෙදෙනා වගකිව යුතු බව මෙම වාර්තාවෙන් වෛද්‍ය සභාව පිළිගෙන තිබෙනවා. මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මත පිහිටා මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ද වසීම් තජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් බවට එකළ තීන්දු කරන ලදී. ඊට මෙම පිරිස ලබාදුන් වැරදි වෛද්‍ය වාර්තාව මුල්වී තිබුණා.
 
මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වී ඇත්තේ මොවුන් තිදෙනාට එරෙහිව සාපරාධී නොසැලකිල්ල (Criminal Negligence), සාක්ෂි වසන් කිරීම හා කුමන්ත්‍රණය කිරීම යටතේ නඩු පැවරිය හැකි බවයි. ඒ අනුව මහාචාර්ය ආනන්ද සමරසේකර හා අනෙක් වෛද්‍යවරුන් දෙදෙනා ඉදිරියේදී අත්අඩංගුවට පත්වීමේ අවදානමක් පවතින බවයි පැවසෙන්නේ.

About Tech Lanka

Check Also

untitled-1

“මම ගෙනාව මල්ලේ සියබලා තිබුනේම නැද්ද?” ජනපති අසයි- (VIDEO)

ඉකුත්දා පැවති රාවය 30 වන සංවත්සරයේදී ජනපතිතුමා බොහෝ කතාවලට පිළිතුරු ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කතාවේදී පිළිතුරු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close